Twitter Blue Subscription එක දෙසැම්බර් 2වන දා එළිදක්වන බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

Twitter Blue Subscription එක දෙසැම්බර් 2වන දා එළිදක්වන බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

Elon Musk ගේ හිමිකාරිත්වයෙන් යුත් Twitter සමාගම තම ආදායම් වැඩි කරගැනීමට Twitter Blue Subscription එක හඳුන්වා දෙනු ලැබුවා. මෙය බොහෝ කලක සිට Twitter සමාගම විසින් හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටි අතර ඒ පිළිබඳව අප විසින් ගෙන එනු ලැබූ සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවිය හැකියි. මීට පෙරද මෙය හඳුන්වාදී එළිදැක්වූ අතර ඇතිවූ ගැටලු හේතුවෙන් මෙය ඉවත් කිරීමට Twitter සමාගම කටයුතු කරනු ලැබුවා.

පසුව නැවතත් වෙනස්කම් කිහිපයක් සමඟින් මේ Twitter Blue Subscription එක දෙසැම්බර් මස 02වනදා නැවත වරක් එළිදැක්වීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා. මෙවර මෙම Subscription එක ඕනෑම පරිශීලකයකුට ලබා ගත හැකි අතර, මේ Subscription එක තුළින් හිමිවන Verified Badge එක වර්ණ කිහිපයකින් හඳුන්වා දී තිබෙනවා.

මේ Verified Badge එක වර්ණ 3කින් ‍යුක්ත වන අතර,

  • රන් වර්ණය  - සමාගම් සඳහා
  • අළු වර්ණය   - රාජ්‍ය ආයතන සඳහා
  • නිල් වර්ණය  - ඕනෑම පුද්ගලයෙකු සඳහා

මෙයත් සමගම Twitter Verification ක්‍රියාවලියේ යම් වෙනසක් සිදුවී ඇති අතර පෙරදී නම් Account එක සඳහා වඩාත් හොඳ Reach එකක් තිබූ සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ට පමණක් මේ Verified Badge එක හිමිවුණි. කෙසේ වෙතත් මෙවර Verified badge එක twitter blue subscription එක හරහා ලැබෙන නිසා ඕනෑම පුද්ගලයෙකුට මෙය ලබා ගත හැකි වනවා.

කෙසේ වෙතත් මෙවරත් මෙය තාවකාලිකව නිකුත් කරන බවත් එසේ Verified Badge ලබා දීමට පෙර ඒ සඳහා ඉල්ලුම් කරන සියලුම Accounts Manually Review කරන බවත් Tweet එකකට reply කරමින් Elon Musk ප්‍රකාශ කර තිබෙනවා.

Twitter Blue Subscription එකෙහි මාසික ගාස්තුව $7.99ක් වන අතර Verified badge එක මීට පෙර ලැබී තිබූ අතර දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, මාධ්‍යවේදීන් සහ සමාගම් සඳහා මේ Subscription එක සමඟ නව badge එක නොමිලයේ හිමිවනවා.

Source: gizmochina.com www.theguardian.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara