නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසනු ලබනවා.

නව X පරිශීලකයන් සඳහා Post පළකිරීමට මුදල් ගෙවිය යුතු බව Elon Musk විසින් ප්‍රකාශ කරයි

X සඳහා එකතු වන නව පරිශීලකයින් සඳහා එහි පළ කිරීම් සිදු කිරීම සඳහා යම් කිසි මුදලක් ගෙවීමට සිදුවන බවට Xහි CEO Elon Musk විසින් පවසා සිටිනු ලබනවා.

ඒ අනුව ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ මෙය වලංගු වන්නේ නව පරිශීලකයන් සඳහා පමණක් වන අතර ඔවුන්ට ගිණුම සාදා මාස 3ක් ගත වන තෙක් නොමිලේ පළ කිරීමේ හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් මෙය වලංගු වන්නේ කුමන රටවල් සඳහාද එසේ අයකරනු ලබන මුදල් ප්‍රමාණය කොපමණද යන්න වග තවමත් නිල වශයෙන් නිවේදනය කොට නැහැ.

තවදුරටත් Bots සහ Troll Systems X තුළින් ඉවත් කිරීමක් සිදු වෙමින් පවතින බව මස්ක් නිවේදනය කර තිබුණි. ඒ පසුගිය මාස කිහිපය තුළ Spam සහ Porn Bots X තුළ විවිධ පළ කිරීම් සිදු කොට පරිශීලකයන් කලබලයට පත් කළ නිසාවෙනි. මෙම ඉවත් කිරීම මෙම මස මුලදී ආරම්භ කොට ඇති අතර ඒමඟින් විශාල Followers ල ප්‍රමාණයක් සිටින ගිණුම් වල Followers ලා ප්‍රමාණයන්ගේ යම්කිසි වෙනසක් සිදු විය හැකිබවට බොහෝ දෙනා පවසනු ලබනවා.

Source: ndtv.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna