Twitterහි අයිතියත් Elon Muskට? වැඩිම කොටස් අයිතියත් Elon Musk​ට

Twitterහි අයිතියත් Elon Muskට? වැඩිම කොටස් අයිතියත් Elon Musk​ට

ලොව සුපතල Tesla සමාගමේ CEO වන Elon Musk විසින් Twitterහි කොටස් වලින් 9.2%ක ප්‍රමාණයක් මිලදී ගනිමින් එහි වැඩිම කොටස් හිමියා බවට පත්වී තිබෙනවා. Twitterහි නිර්මාතෲ වන Jack Dorseyහට Twitterහි හිමිවන්නේ Twitterහි කොටස් වලින් 2.25%ක කොටසක් පමණි.

මේ වන විට Elon Musk හට Twitterහි කොටස් වලින් කොටස් 73,486,938ක් හිමි වනවා. එය Twitterහි කොටස් හිමියෙකු සතු වැඩිම කොටස් ගණන වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2.89ක පමණ අගයක් ගනු ලබනවා. මේ ගණුදෙනුවත් සමඟම Twitterහි කොටසක අගය 26%කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම කොටස් මිලදී ගැනීමට පෙර Elon Musk විසින් එහිදී poll එකක් දමමින් එහි පරිශීලකයන්ගෙ​න් විමසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම සඳහා භාෂණයේ නිදහස අත්‍යවශ්‍ය වන අතර Twitter විසින් එයට පිලිතුරු වශයෙන් සම්පූර්ණයෙන් ඡන්ද 2,035,924ක් ලැබී ඇති අතර එයින් 70.4%ක්ම එය එය එසේ නොවෙතැයි ලෙසින් සඳහන් කරමින් තම ඡන්දය ප්‍රකාශ කර තිබුනි. මෙය සිදු කර තිබුනේ 2022 මාර්තු 25 වන දින වුවත් කොටස් සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය ලෙස සඳහන්ව තිබුණේ මාර්තු 14 වන බැවින් ඒ වන විටත් ඔහු විසින් Twitterහි කොටස් මිලදී ගැනීම සඳහා අයදුම් කර තිබී ඇත.

එහි සඳහන් වූ ආකාරයට විශාල පිරිසක් විසින් ප්‍රතිචාර දක්වා තිබුණේ එයට විපක්ෂව වන අතර Elon Musk විසින් විකල්ප නව සමාජ ජාල මාධ්‍යක් පිළිබඳද විමසා තිබුණි.

Elon Musk විසින් Twitterහි ආයෝජනය කලේ ඇයි? ඔබේ අදහස් දක්වන්​න.

Source: Washington Post, Engadget

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna