Bill Gates තෙවන ස්ථානයට පත් කරමින් Elon Musk ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර 2 වෙනි ස්ථානයට පත් වේ

Bill Gates තෙවන ස්ථානයට පත් කරමින් Elon Musk ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර 2 වෙනි ස්ථානයට පත් වේ

Bloomberg Billionaires Index (BBI) කියන්නේ ලෝකයේ බිලියනපතියන් දෛනිකව ශ්‍රේණිගත කරන ලෝක ප්‍රසිද්ධ දර්ශකයක්. මෙම දර්ශකය නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේ සෑම වෙළඳ දිනයක් අවසානයේම අප්ඩේට් වෙනවා. පුද්ගලයන්ගේ ශුද්ධ වටිනාකම ගණනය කිරීමේදී, ලබා ගත හැකි වඩාත්ම විනිවිද පෙනෙන ගණනය කිරීම් සැපයීමට Bloomberg උත්සාහ කරනවා.

Bloomberg ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන සමාගම්වල කොටස් අගය කරන්නේ කොටසෙහි අළුත්ම අවසන් මිල භාවිතා කරලා. සියළු තක්සේරු කිරීම් ඒ මොහොතේ තියෙන විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය කරලා තමයි ප්‍රකාශ කරන්නේ. 2020 නොවැම්බර් 25 වෙනිදා මේකේ වුණ විශේෂ වෙනස්කමක් නිසා තමයි මේක ගැන ලියන්න හිතුණේ.

ඒ තමයි සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වෙන ඊලෝන් මස්ක් 2 වෙනි තැනට ආපු එක.ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා ගැන තමයි මේ ලිපියේ තියෙන්නේ. මේ සියළු තොරතුරු 2020 නොවැම්බර් 27 වෙනකන් අප්ඩේට් එකෙන් ගත්තේ.

  1. ජෙෆ් බෙසෝස් (ඇමසන්) - ඇ.ඩො. බිලියන 187
  2. ඊලෝන් මස්ක් (ස්පේස් එක්ස්, ටෙස්ලා) - ඇ.ඩො. බිලියන 140
  3. බිල් ගේට්ස් (මයික්‍රොසොෆ්ට්) - ඇ.ඩො. බිලියන 129
  4. බර්නාඩ් ආර්නෝල්ට් (ලුවී විටෝන්, හෙනසි) - ඇ.ඩො. බිලියන 105
  5. මාර්ක් සකර්බර්ග් (ෆේස්බුක්) - ඇ.ඩො. බිලියන 104
  6. වොරන් බෆට් (බර්ක්ශයර් හැතවේ) - ඇ.ඩො. බිලියන 88.3
  7. ලැරී පේජ් (ගූගල්) - ඇ.ඩො. බිලියන 82.8
  8. සර්ජි බ්‍රින් (ගූගල්) - ඇ.ඩො. බිලියන 80.2
  9. ස්ටීව් බෝල්මර් (මයික්‍රොසොෆ්ට්) - ඇ.ඩො. බිලියන 77.4
  10. මුකේෂ් අම්බානි (රිලයන්ස්) - ඇ.ඩො. බිලියන 74.4

බර්නාඩ් ආර්නෝල්ට් (ප්‍රංශය) මුකේෂ් අම්බානි (ඉන්දියාව) හැරෙන්න අනිත් අට දෙනාම ඇමරිකානු ජාතිකයන්. බර්නාඩ් ආර්නෝල්ට් (ලුවී විටෝන්, හෙනසි), වොරන් බෆට් (බර්ක්ශයර් හැතවේ) සහ මුකේෂ් අම්බානි (රිලයන්ස්) හැරෙන්න අනිත් හත්දෙනාම ටෙක් සයිඩ් එකේ දැවැන්තයෝ.

මේ වන විට ටෙස්ලා එකේ කොටස් මිලියන 34 ක් අයිතිව තියෙන්නෙත් ඊලෝන් මස්ක් ට. ඒ කම්පැනියේ මුළු කොටස් ගණනින් 18% ක ප්‍රතිශතයක්. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 68 ක්.

ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලෝන් මස්ක් ටෙස්ලා කම්පැනියෙන් කිසිදු නිත්‍ය වැටුපක් ලබා ගන්නේ නැහැ.නමුත් 2018 දී අනෙක් කොටස් හිමියන් විසින් ඔහුට කොටස් මිලියන 20.3 ක වැටුප් පැකේජයක් අනුමත කරා. වාරික 12කින් සමන්විත මේ පැකේජය බොහෝ ඉක්මනින් ඊලෝන් මස්ක් ව ලෝකයේ ධනවත්ම පුද්ගලයා කරයි.

2020 මැයි මාසයේදී පලවෙනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 770 කුත්, 2020 අගෝස්තු මාසයේදී දෙවැනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 2.1 කුත් ඊලෝන් මස්ක් ට මේ වෙනකොට හම්බෙලා තියෙනවා. තව සති කිහිපයකින් මෙහි තුන්වෙනි වාරිකය ඔහුට ලැබෙන්නට නියමිත වෙලා තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් .

මේ ඊලෝන් ට ලැබෙන වැටුප් පැකේජය ඔහුට ලැබෙන්න නම් Tesla Company එක අවශ්‍යතා දෙකක් සපුරන්න ඕන. එකක් තමයි ඇමරිකානු ඩොලර් බිලියන 372ක් වෙන ටෙස්ලා එකේ කොටස්වල වටිනාකම කලින් මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක සාමාන්‍ය අගයක් පවත්වා ගත යුතුයි කියන එක. අනෙක් කාරණය තමයි ටෙස්ලා ටෙස්ලා එකේ ලාභය කලින් මාස 12 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ඉක්ම විය යුතුයි කියන එක.

2018 දී හෝ 2019 දී මෙම අවශ්‍යතා සැපිරීමට ටෙස්ලා එකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහුට කිසිම වාරිකයක් ඒ අවුරුදු දෙකේදී හම්බුනේ නෑ. හැබැයි ටෙස්ලා එක මේ වන විට අත් කරගෙන තියෙන ඉමහත් සාර්ථකත්වය නිසාම ඔහුට 2020 දී මේ වෙනකොට වාරික 3කට යන්න පුළුවන් වෙලා තියෙනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara