Ecosia | ගෙදර ඉඳන් ලෝකේ වටේ පැල හිටවන්න

Ecosia | ගෙදර ඉඳන් ලෝකේ වටේ පැල හිටවන්න

එන්න එන්නම රස්නය වැඩි වෙනවා, කාළගුණික වෙනස්කම් සිදුවෙනවා. පරිසරයෙහි සමතුලිතතාවය සීඝ්‍රයෙන් නැතිවී යනවා. මේකට අපිට කරන්න පුළුවන් දේවල් අපි හැමෝම දන්නවා, පැල කරන්න ඕනේ, දිරාපත් නොවන ද්‍රව්‍ය නිසිලෙස ප්‍රතිචක්‍රිකරණය කරන්න ඕනෙ.

පරිසරයට අපි කරන විනාශය

ඔගොල්ලො විසික් කරන Recharge Card පතේ හූරලා විසික් කරන කොටස හා Laminate කරලා තියෙන පොලිතින් කොටස, ටොපි කොළය වැනි දේවල් වලින් පටන් ගෙන අනෙකුත් සියලම දිරාපත් නොවන ද්‍රව්‍ය නිසි ලෙස කසළ බදුනකට එකතු කරන්න හැමෝම පුරුදු වෙනවානම්, අපට හැකිවේවි වෙනසක් කරන්න. අපේ කට්ටියට උවමනාව තිබුනට එක්කො ලැජ්ජයි නැත්තම් මිතුරන් අතර “පොර” නාමය නැතිවෙනවට බයයි.

හැමතැනම කුණු දමා පරිසරය විනාශ කර ඇති ආකාරය

Christian Kroll ට එන අදහස

පරිසර දූෂණය කාළයත් සමග මිනිසා විසින් සිදුකල විශාල වැරැද්දක්, එහි අතුරු ප්‍රතිඵල අපට සෑම වසරකම දැකගැනීමට, ඇසීමට හෝ විදවීමට සිදුවෙනවා. ජර්මානු ජාතික ක්‍රිස්ටියන් ක්‍රොල් (Christian Kroll) මහත්මයාට සිය උසස් අධ්‍යාපනය හදාරන කාලයේ මිනිසුන් ලාභ ලැබීමට ව්‍යාපාර කරන එක ගැන දැඩි පිළිකුල් බවක් දැනෙනවා. පසුව ඔහු සියලු දේ නවතා දමා ලෝකය වටේ සවාරියක් යන්න තීරණය කරනවා.

ක්‍රිස්ටියන් ක්‍රොල් පැලයක් අතැතිව

මේ සවාරිය අතරතුර ගසක ඇති වටිනාකම හා ගස් කැපීමෙන් ලොවට ඇතිවිය හැකි බලපෑම ඔහුට වැටහෙනවා. ඉතින් ඔහු තීරණය කරනවා වෙනස්ම විදිහෙ සමාගමක් පිහිටුවන්න. ඔහු තීරණය කරනවා App එකක් හදන්න, එහි ඇති AD මගින් ලැබෙන මුදලින් සිය සමාගමත් පවත්වාගෙන ලැබෙන ආදායම අප්‍රිකානු, ආසියානු, යුරොපය ඇතුලු රටවල් රැසක පැලසිටවීමට යොදවන්න.

ආදායමෙන් 80% පැල හිටවන්න

ඔවුන් ලබන ආදායමෙන් 80% වැය කරන්නෙ මේ උතුම් ක්‍රියාවට. ඕනෑම හොද වැඩක් කරද්දි ගුණ වර්ණනා කරන අයට වඩා ඇද කියන අය වැඩී ඒ නිසාම ඔවුන් සෑම මසකම අදායම් වාර්තාවක් ඔවුන්ගේ අන්තර්ජාල ආකාශයෙහි පළ කරනවා. මේ වෙනකොට එගොල්ලෝ පැළ මිලියන 42කට වඩා හිටවලා තියෙනවලු.

කොහොමද Ecosia වැඩ කරන්නේ?

ඉතින් මොකක්ද ඔය කියන ඇප් එක?

Ecosia, Search Engine එකක්. Google වගේම තමයි, හැබැයි මෙගොල්ලො ඔයා Browse කරන Website, Search කරන දේවල් කිසිදෙයක් මතකයේ තබා ගන්නෙ නෑ. Google, Facebook එහෙම කරනවා හොදේ. ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි “Google Play” එකට ගිහින් එගොල්ලන්ගේ Web Browser එක ෆෝන් එකට දාගන්න එක. බයවෙන්න දෙයක් නෑ ඒ Browser එකත් දුවන්නෙ Chrome Engine එකෙන්ම තමයි. ඔයාට දැනෙන ලොකුම වෙනස තමයි Search Engine එක Google නොවන එක. අනිත් ඔක්කොම තනිකර Chrome. මෙකේ iOS App එකකුත් තියෙනවා, PC එකෙන් පාවිච්චි කරන අයට Chrome Web Store එකේ Extension එකකුත් තියෙනවා.

Ecosia මාසික ආදයම් බලන්න මෙතනින්:- Monthly Income

Download:- Playstore | Appstore

Chrome Web Extension:- https://chrome.google.com/webstore/detail/ecosia-the-search-engine/eedlgdlajadkbbjoobobefphmfkcchfk?hl=en

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara