PEO TV හරහා IPL තරඟාවලිය විකාශය කිරීමට නොහැකි බව SLTMobitel විසි​න් පාරිභෝගිකයන්ට දැනුම් ​දේ

PEO TV හරහා IPL තරඟාවලිය විකාශය කිරීමට නොහැකි බව SLTMobitel විසි​න් පාරිභෝගිකයන්ට දැනුම් ​දේ

මේ දිනවල ඉන්දියාවේදි පැවැත්වෙන IPL තරගාවලියට ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ අවධානයක් හිමිවි තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුම තරගාවලිය නියෝජනය කරන නිසයි. අපි මීට පෙර ශ්‍රී ලංකාවේ ඉන්න IPL රසිකයන් ගැනත් ලිපියක් ඔබ වෙත ගෙන එනු ලැබුවා.

කෙසේ වෙතත් මේ දිනවල පවතින ඩොලර් අර්බුදය හමුවේ SLT-MOBITEL සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන PEO TV රෑපවාහිනි සේවාව මගින් IPL විකාශය කිරිමේ හැකියාවක් නොමැති බව එම සමාගම විසින් තම පාරිභෝගිකයන් හට දන්වා තිබෙනවා.

ඔවුන් දක්වා ඇති අයුරෙන් මේ වෙන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ, IPL තරගාවලියේ දර්ශන මිලදි ගැනිමට ඩොලර් නොමැති විම නිසා එම තරගාවලිය ශ්‍රී ලංකාව සදහා විකාශනය වු Star Sports නාලිකා සියල්ලම PEO TV ඔස්සේ ශ්‍රී ලංකාව සදහා විකාශය කිරිමේ හැකියාව අහිමිවි තිබෙනවා.

ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙන ආකාරයට මෙය යථා තත්වයට පත් කීරිමට හැකි අයුරින් කටයුතු කරමින් සිටින අතර ශ්‍රී ලංකාව සදහා IPL තරගාවලිය විකාශය කටයුතු කිරිමේ හැකියාව ලැබි තිබෙන්නේ Dialog Axiata සමාගමේ Dialog TV හරහා පමණි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara