Multi-devices පහසුකම WhatsApp beta පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කරයි, උපරිමය device 4යි

Multi-devices පහසුකම WhatsApp beta පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කරයි, උපරිමය device 4යි

මීට පෙර දිනයකදී WhatsApp සඳහා නුදුරේදීම Multi devices login පහසුකම ලබා දීමට එම ආයතනය සූදානම් වන බවට ඔබ වෙත තොරතුරු ගෙන ආවා මතක ඇති. ඒ පිලිබඳව මෙතනින් කියවන්න.

අද දින සිට WhatsApp beta පරිශීලකයන් සඳහා මෙම පහසුකම ලබා දීමට Facebook ආයතනය කටයුතු කරා. ඒ අනුව iOS සහ Android සඳහා වන WhatsApp beta පරිශීලකයන් හට මේ පහසුකම නිකුත් කර තිබෙනවා. නමුත් වාර්තා වන්නේ සියළුම beta පරිශීලකයන් හට මෙම පහසුකම නිකුත් කර නොමැති අතර එය තෝරාගත් පිරිසකට පමණක් නිකුත් කර ඇති බවයි. ඉදිරියේදී ඔවුන් මෙම පහසුකම සියළුම  beta පරිශීලකයන්ට ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මෙම පහසුකම ඔබට ස්‍වයංක්‍රීයව ලබා දීම නම් සිදු කරන්නේ නෑ. ඒ සඳහා ඔබට manually එක්වීමට සිදු වනවා. එ සඳහා ඔබ කල යුත්තේ WhatsApp settings වෙත ගොස් පරික්ශා කර බැලීමයි. ඔබව එම පහසුකම සඳහා තෝරාගෙන ඇති නම් පහත පරිදි Multi device beta යනුවෙන් ඔබට දිස් වනු ඇත. ඔබට තියෙන්නේ එමඟින් ඒ සඳහා වන access ලබා ගැනීමයි.

එම පහසුකම සඳහා පිවිසීමෙන් පසුව ඔබ multi device පහසුකම භාවිතා කරමින් WhatsApp desktop හෝ web පහසුකම් භාවිතා කරන්නේ නම්, එම සේවාවන්ද ස්වයංක්‍රීයව එම පහසුකම් වල beta තත්වය වෙත මාරු වීම සිදු වනවා.

මෙම පහසුකම සඳහා කුමන ආකරයකවත් cloud storage ක්‍රමයක් භාවිතා නොවන අතර මෙහිදී සිදුවන්නේ devices අතර ඇති දත්තයන් හුවමාරු වීම පමණි. මෙම හුවමාරු ක්‍රියාවලියද සිදුවන්නේ end to end encryption ආකාරයට වීම විශේෂත්වයක්. ඔබේ දුරකතනයේ ඇති WhatsAppහි දත්ත සියල්ලම මේ ආකාරයට WhatsApp web/desktop වෙත හුවමාරු වීම සිදු වනු ඇත.

මෙම පහසුකමත් සමඟ අපට පෙර මෙන් නොව, ජංගම දුරකතනය අක්‍රීය කර තිබෙන විටෙකදී පවා WhatsApp web/desktop හරහා WhatsApp සේවාවට පිවිසීම සිදු කල හැකි අතර ජංගම දුරකතන අක්‍රීයව තිබෙන විට WhatsApp web/desktop හරහා හුවමාරු කරගන්නා පණිවුඩ වලට අදල දත්තයන් දුරකතනය සක්‍රීය කල විට ඉහත කී ආකාරයටම දුරකතනයේ ඇති WhatsApp වෙත හුවමාරු වනු ඇත.

මේ වන විටත් ඔබ WhatsApp web/desktop හරහා ඔබ WhatsApp සේවාව භාවිතා කරනවා නම් ඔබ විසින් WhatsApp multi-device beta සඳහා ඇතුලත් වූ විගස ඔබ WhatsApp web/desktop වලින් logout වන අතර නැවත වතාවක් නව ආකාරයට login වීමට සිදු වනු ඇත.

යම් හෙයකින් ඔබගේ ජංගම දුරකතනය නොකඩවා දින 14ක කාලයක් අක්‍රීයව පැවතුනහොත් හෝ දුරකතනය හරහා WhatsApp වෙත පිවිසීම සිදු නොවුනහොත් ස්වයංක්‍රීයවම ඔබ WhatsApp web/desktop වෙතින් logout වනු ඇත.

මෙම beta සංස්කරණයට සහභාගි වුවහොත් ඔබට live location, pinned chats වැනි පහසුකම් තාවකාලිකව අහිමි වී යනු ඇත. එයට හේතුව වන්නේ, මෙම සේවා සඳහා WhatsApp නවතම ආකාරයට redesign කිරීම සහ තවම්ත් මෙය beta සංස්කරණයක් වන බැවින් Facebook විසින් ඇතැම් පහසුකම් වලට පිවිසීම සීමා කර තිබීමයි. නමුත් ඉදිරියේදී එලෙස සීමා කර ඇති පහසුකම් වලට පිවිසීමේ පහසුකම ලබා දෙනු ඇත.

මෙම පහසුකම හරහා අපට එක WhatsApp ගිණුමක් devices 4ක භාවිතා කිරීමේ පහසුකම හිමිවන අතර තවමත් ජංගම දුරකතන අතර මේ ආකාරයට භාවිතා කිරීමේ පහසුකම ලබා දී නැහි බවත් අපට වාර්තා වෙනවා.

Source: WABetaInfo

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara