Crack වෙච්​ච smartphone screen එකකට toothpaste දැම්මොත් වෙන දේ Xiaomi සමාගම පහදා දෙ​යි

Crack වෙච්​ච smartphone screen එකකට toothpaste දැම්මොත් වෙන දේ Xiaomi සමාගම පහදා දෙ​යි

ගොඩක් අය අහල තියෙන කතාවක් තමයි Cracked Smartphone Screen එකකට Toothpaste ටිකක් දමා පිස දැමු විට ඒ Crack උන ටික මැකිල යනවා කියන එක. ඉතින් කොහොම උනත් මේකට විවිධ අය විවිධ මත පල කරනවා, සමහරු කරල බලල ම කියනවා ඔව් එහෙම වෙනවා ලු, තවත් සමහරු කියනවා කරලා නං නෑ හැබැයි හරි යනවා කියල, ඒ අතර ඉතින් මේක කොහොමවත් විශ්වාස කරන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නයට විසඳුමක් විදියට Xiaomi කියල අපි හැමෝම දාන්න Smartphone නිෂ්පාදන ආයතනය ඕක ගැන කරපු පොඩි Experiment එකක් YouTube Short එකකින් Upload කරලා තිබුණා.

Xiaomi ආයතනය විසින් කරපු මේ පොඩි Experiment එකෙන් නම් අදහස් වෙන්නේ වෙනම දෙයක්. කටකතා වල තියෙන්නේ නම් ඉතින් Toothpaste ටිකක් දැම්මම වෙන්නේ Screen එකේ තියෙන හිඩැස් ටික පුරවල Display එක පොඩ්ඩක් සුද්ද වෙලා පොඩි Shine එකක් එක්ක Display එකට අලුත් පෙනුමක් එනවා කියල. හැබැයි Xiaomi ආයතනය පෙන්වා දෙන විදියට මෙහෙම Toothpaste ගෑව කියල Display එකේ තියෙන Crack වලට කිසිම වෙනසක් වෙන්නේ නම් නැහැ.

Image : Gizmochina

මේකත් එක්කම Xiaomi ආයතනය සඳහනක් දමමින් තවත් දුරට කියල තිබුණේ මෙහෙම Screen එකට Toothpaste දාන එකෙන් ඇත්තටම Smartphone එකේ Screen එකට හානි වෙන්න පුළුවන් කියන එකයි. මොකද කියනව නම් ඇත්තටම Toothpaste කියන්නේ ආම්ලික ද්‍රව්‍යයක්. ඉතින් මේකට පුළුවන් අපේ Smartphone Screen එකේ උඩින්ම තියෙන Layer එකක් වන Oleophobic කියන ආලේපනය විනාශ කරලා දාන්න. ඇත්තටම මේ Oleophobic Coating එකෙන් කරන්නේ, අපේ ශරීරයෙන් නිකුත් වන මේදය නිසා ඇති වන ඇඟිලි සලකුණු වගේ දේවල් Display එකෙන් ඉවත් කරලා වඩාත් Smooth Touching Experience එකක් ලබා දෙන එක. ඉතින් සරලවම කිවුවොත් Toothpaste එකට පුළුවන් ඒකත් විනාස කරලා දාන්න.

දැන් ඉතින් තේරෙනවනේ Toothpaste, Screen එකට දැම්මොත් මොනවා වෙයි ද කියලා. අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ දත් මදින එකෙන් Display Crack එකකට Solution එකක් හොයනවා ව වඩා, එහෙම නොවෙන්න වග බලා ගන්න එක, වඩාත් බුද්ධිමත් තීරණයක් කියලා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara