අද සිට තරුණ තරුණියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක්

අද සිට තරුණ තරුණියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක්

අද දිනයේ සිට වයස අවුරුදු 15ත්, 29ත් අතර තරුණ තරුණියන්ට මෙලෙස ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වාදීමට රජය විසින් කටයුතු කර තිබෙනවා.

මෙහිදී මෙම හැදුනුම්පත එම පුද්ගලයාගේ අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් සහ වෙනත් අදාල සුදුසුකම් ඇතුලත් කරමින් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති අතර සේවා යෝජකයන්ට මේ මගින් තම ආයතනවලට අදාල සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තෝරාගැනීමට අවස්ථාව හිමි වේ. මීට අමතරව Block chain තාක්ෂණය භාවිතා කරමින් මෙම හැදුනුම්පත සකස් කරන බව ජාතික තරුණ සේවා සභාව විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම හැදුනුම්පත අද දිනයේ සිට හදුන්වාදෙන අතර ඉදිරියේදී තරුණ සේවා සභාව හරහා මෙය ලබා ගැනීමේ අවස්ථාව තරුණ තරුණියන්ට හිමි වෙනු ඇත. කෙසේ වෙතත් මෙය ලබාගත හැකි ආකාරයක් පිළිබඳව වැඩිදුර තොරතුරු මේ වන තෙක් ඉදිරිපත් වී නොමැත.

Source: Hiru News

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna