"සිව් දෙසටම ඩයලොග්" ව්‍යාපෘතිය යටතේ තම සේවා ජාලය වැඩි දියුණු ක​ර ශ්‍රී ලංකාවේ ගම්මාන 1,028ක සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කිරීමට ඩයලොග් කටයුතු කර​යි

"සිව් දෙසටම ඩයලොග්" ව්‍යාපෘතිය යටතේ තම සේවා ජාලය වැඩි දියුණු ක​ර ශ්‍රී ලංකාවේ ගම්මාන 1,028ක සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කිරීමට ඩයලොග් කටයුතු කර​යි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම් කරැවෙකු වෙන Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ සන්නිවේදන ජාලය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක් සදහාම ලබා දීමට කටයුතු කර තිබෙන අතරම කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව පසුගිය වසර තුල ක්‍රියාත්මක වු 'සිව්දෙසටම Dialog' ව්‍යාපෘතිය හරහා ඔවුන් ගම්මාන 1,028ක් සදහා ඔවුන්ගේ සන්නිවේදන ජාලය ලබා දීමට සමත් වි තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් මේ වෙන විටත් Dialog ආවරණ රහිත ප්‍රදේශයන් හදුනා ගනිමින් ඔවුන්ට ආවරණ ලබා දිම සිදු වෙන අතර මේ වෙන විට ඔවුන් විසින් කුළුණු 3000ක් වැඩි දියුණු කර ඇති අතර නව කුළුණු 453ක් ඉදි කිරීමටත් සමත් වි තිබෙනවා. එමෙන්ම මොවුන් විසින් මේ වෙන විට ශ්‍රී ලංකාව පුරාවටම 4G Mobile කුළුණු 4380ක් පමණ ඉදි කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාව තුල සන්නිවේදන සේවා සපයන ආයතනයක් විසින් ඉදිකරන ලද වැඩිම කුළුණු සංඛ්‍යාව ද වෙනු ලබනවා.

මීට අමතරව මොවුන් විසින් Green Field Towers හා Lamp Pole Towers මගින් දුෂ්කර ප්‍රදේශවල සන්නිවේදන අවශ්‍යතා සැපිරවිම සදහා කටයුතු කර තිබෙනවා.

ඒ වගේම Dialog Axiata සමාගම විසින් මේ වසර මැද පමණ වෙන විට ජනගහනයෙන් 95%කටම තම ජාලය වෙත කිසිදු ගැටලුවකින් තොරව ඕනැම ස්ථානය සිට ප්‍රවේශ විමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එයට සමගාමිව එළඹෙන මාස 06 ඇතුළත තවත් නව කුළුණු 200ක් පමණ ශ්‍රී ලංකාව පුරාම ස්ථානගත කිරිමට Dialog සමාගම විසින් සුදානමින් සිටිනවා.

Source: Dialog

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna