Dialog Home Broadband පාරිභෝගිකයන් සඳහා Social Media Packages දෙක​ක්

Dialog Home Broadband පාරිභෝගිකයන් සඳහා Social Media Packages දෙක​ක්

Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පාරිභෝගිකයන් සදහා නව Social Media Packages දෙකක් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. දින 14ක් සදහා Anytime 20GB Data ප්‍රමාණයක් සහ දින 30ක් සදහා Anytime 40GB Data ප්‍රමාණයක් WhatsApp, Viber, Facebook, Instagram සහ Youtube සදහා භාවිත කිරීමට මේ Packages දෙක මගින් ලැබෙනවා.

20GB Package

රු.295.00 මිලකට ( බදු සහිතව ) Anytime 20GB Data ප්‍රමාණයක් WhatsApp, Viber, Facebook, Instagram සහ Youtube සදහා දින 14ක් භාවිත කිරිමට ලබා ගත හැකි වෙනවා.

මෙම Package එක Prepaid පාරිභෝගිකයන්ට දින 14ක් ඇතුළත කැමති වාර ගණනක් සක්‍රීය කර ගත හැකි අතර Postpaid පාරිභෝගිකයන්ට මෙය සක්‍රීය කර ගත හැක්කේ දින 14ක් ඇතුළත එක් වරක් පමණි.

40GB Package

රු.545.00 මිලකට ( බදු සහිතව ) Anytime 40GB Data ප්‍රමාණයක් WhatsApp, Viber, Facebook, Instagram සහ Youtube සදහා දින 30ක් භාවිත කිරිමට ලබා ගත හැකි වෙනවා.

මෙම Package එක Prepaid සහ Postpaid පාරිභෝගිකයන්ට දින 30ක් ඇතුළත කැමති වාර ගණනක් සක්‍රීය කර ගත හැකි වෙනවා.

මෙම Packages දෙක සක්‍රීය කර ගැනිම සදහා MyDialog App එක, #678# ඇමතිමෙන් හෝ Dialog වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් සිදු කළ හැකි.

Sources: Dialog Axiata

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna