Dialog Axiata ආයතනය තම Fiber ජාල සබඳතා ලබා දීම ආරම්භ කරයි

Dialog Axiata ආයතනය තම Fiber ජාල සබඳතා ලබා දීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන ආයතනයක් වෙන Dialog Axiata සමාගම විසින් මේ වෙන විට ශ්‍රී ලංකාව පුරා ඔවුන්ගේ 4G Home Broadband ජාලය සාර්ථකව ව්‍යාප්ත කර තිබෙනවා.

එහි මිලග පියවර ලෙස Dialog සමාගම විසින් ශ්‍රී ලංකාව පුරා ඔවුන් Fiber ජාලය ව්‍යාප්ත කිරිමට මේ වෙන විට සුදානමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් 100Mbps අන්තර්ජාල වේගයකින් යුතු Fiber Broadband සම්බන්ධතාවයන් ලබා දිම මේ වෙන විට ආරම්භ කර තිබෙනවා. ඒ වගේම Dialog Fiber ජාලය ඔස්සේ චැනල් 130කට අධික සංඛ්‍යාවක් සහිත IPTV පහසුකම වගේම Voice පහසුකමත් මේ සමග ලබා දෙන්න කටයුතු කරනවා.

ඒ අනුව Dialog සමාගම විසින් නව Fiber Connection 04ක් සම්බන්ධතා ගාස්තු 04ක් ඔස්සේ හදුන්වා දි තිබෙනවා.

Dialog Fiber New Connection Charges

  1. TV Connection - Rs.14,000.00
  2. TV + Broadband Connection - Rs.14,000.00
  3. TV + Broadband + Voice Connection - Rs.14,000.00
  4. Broadband Connection - 12,000.00
  • Dialog Fiber IPTV සේවාව සදහා රැ.1,119.00 සිට ආරම්භ වෙන TV Packages හදුන්වා දි තිබෙනවා.
  • Dialog Fiber Voice සේවාව සදහා රැ.300.00ක Rental එකක් අය කරන බවත් ඔවුන් දක්වා තිබෙනවා.
  • Dialog Fiber Broadband සේවාව සදහා රැ.1,400.00 සිට ආරම්භ වෙන Broadband Packages හදුන්වා දි තිබෙනවා.

තවමත් සිමිත ප්‍රදේශ කිහිපයක් වෙත පමණක් හදුන්වා දි ඇති Dialog Fiber ජාලය ඉදිරයේදි ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කිරිමට Dialog ආයතනය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Dialog Fiber සේවාවන් මේ වෙන විට ලබා ගත හැකි ප්‍රදේශ

බත්තරමුල්ල
කොළඹ ( 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 13)
දෙහිවල
දෙමටගොඩ
නුවර
මහබාගේ
මහරගම
මාලබේ
ගල්කිස්ස
නාවල
මිගමුව
රාජගිරිය
තලවතුගොඩ
වැල්ලවත්ත
Prime Residencies - Libra
Sanasro Residencies

ඒ වගේම Dialog ආයතනය විසින් අවශ්‍ය පාරිභෝගික සේවාවන් ඔවුන්ගේ Fully Trained Professional Technical Team එක ඔස්සේ ලබා දිමටත් සුදානමින් සිටිනවා.

Dialog Fiber සේවාව ලබා ගැනිමට අවශ්‍ය නම් මෙතතින් ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත පිවිස අවශ්‍ය තොරතුරු ලබා දිමෙන් ලබා ගත හැකි වෙනවා.

ඉහත සඳහන් වන ගාස්තු සඳහා රජයේ අදාල බදු අය වන බව කරුණාවෙන් සලකන්න.

Source : Dialog

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara