Dialog විසින් සිය නවතම DTV විකාශන මධ්‍යස්ථානය සහ Satellite Earth Station පුත්තලමේ දී විවෘත කරයි

Dialog විසින් සිය නවතම DTV විකාශන  මධ්‍යස්ථානය සහ Satellite Earth Station පුත්තලමේ දී විවෘත කරයි

ශ්‍රී ලංකාව තුළ තම පාරිභෝගිකයන් වෙත ගුණාත්මකභාවයෙන් ඉහල සේවාවක් ලබාදෙන Dialog සමාගම විසින් පසුගියදා ඔවුන්ගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් පුත්තලම ප්‍රදේශයේදී ඔවුන්ගේ නවතම Dialog Television Broadcast Center (Dialog TV විකාශන මධ්‍යස්ථානයක්) සහ Satellite Earth Station එකක් විවෘත කිරීම සිදු කරනු ලැබුවා.

Dialog සමාගම සඳහන් කරනු ලබන ආකාරයට මෙම මධ්‍යස්ථාන මගින් Dialog පාරිභෝගිකයන් හට අසමසම සේවාවන් රැසක් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිවනු ඇති අතර ඉන් ප්‍රධානතම තැනක් ගනු ලබන්නේ Dialog Television සේවාවයි.

මෙයට අමතරව මාලඹේ හි පවතින මෙම මධ්‍යස්ථාන මගින් ලබාදෙන සේවාවන් මෙන්ම එයටත් වඩා විශිෂ්ට සේවාවන් රැසක් තම පාරිභෝගිකයින් හට ලබා දීමට මෙමගින් හැකියාව උදාවන බව වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

මෙහි දී එකතු කරන ලද Satellite Earth Station මගින් Dialog TV පාරිභෝගිකයින් හට පෙර පැවති සේවාවටත් වඩා ඉතා ඉහළ, ගුණාත්මක මෙන්ම විනෝදාස්වාදය සපිරි සේවාවන් රැසක් දිවයින පුරා ලබාගැනීමට හැකිවනු ඇත.

Sources: dlg.dialog.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna