රාජ්‍ය සේවකයන්ට Dialog ආයතනය හඳුන්වාදුන් නව Broadband package පිළිබඳ තවමත් ඔබ දැනුවත් නැද්ද?

රාජ්‍ය සේවකයන්ට Dialog ආයතනය හඳුන්වාදුන් නව Broadband package පිළිබඳ තවමත් ඔබ දැනුවත් නැද්ද?

මේ දිනවල පවතින Covid - 19 වසංගත තත්වයත් එකක හැමෝම ගෙදරට වෙලා තමන්ගේ වැඩ කටයුතු අන්තර්ජාලය හරහා සිදු කර ගන්න පෙළඹිලා තියෙනවා. හැමෝම ගෙදරට වෙලා ඉන්න හින්දා මේ වෙද්දි හැම ගෙදරටකම වගේ Data Usage එක වෙනදට වඩා ගොඩක් ඉහල ගිහින් තියෙනවා.

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ප්‍රධානතම සමාගමක් වෙන Dialog Axiata සමාගම විසින් රාජ්‍ය සේවකයන් සදහා අමතර Data සමග Home Broadband Data Packages කිහිපයක් පසුගිය කාලයේදි හදුන්වා දුන්නා. ඒ අනුව මෙලෙස රාජය සේවකයන්ට ලබා දෙන විශේෂ HBB Data Packages මගින් සාමාන්‍ය HBB Data Packages වල මිලටම වැඩි Data ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

ඒ වගේම පසු ගිය මැය් මාසයේ 31 වන දින තෙක් මේ නව Data Packages සමඟම නව Dialog Home Broadband පෙර ගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයක් රු. 1,990/= සම්බන්ධතා ගාස්තුවක් ගෙවා ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබුණු අතර මේ වන විට එම දීමනාව පමණක් අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස රාජය සේවකයන් සදහා හදුන්වා දි තිබෙන විශේෂ Home Broadband Data Packages පෙරගෙවුම් සහ පසුගෙවුම් දෙකටම අදාල ලෙස ලබා දි තිබෙනවා.

පසුගෙවුම් පැකේජ

  1. රු. 600.00 - 15GB (Anytime) + 15GB (Night time)
  2. රු. 900.00 - 24GB (Anytime) + 24GB (Night time)
  3. රු. 1,400.00 - 42GB (Anytime) + 42GB (Night time)‌‌
  4. රු. 2,900.00 - 96GB (Anytime) + 96GB (Night time)‌‌
  5. රු. 3,900.00 - 132GB (Anytime) + 132GB (Night time)‌‌
  6. රු. 6,900.00 - 240GB (Anytime) + 240GB (Night time)‌‌
  7. රු. 9,900.00 - 360GB (Anytime) + 360GB (Night time)

ඔබ විසින් නව Home Broadband සම්බන්ධතාවයක් මිලදි ගන්නවා නම් ඔබ විසින් ඔබගේ රාජය සේවක හැදුනුම්පත හා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරිමට අවශ්‍ය වෙනවා.

රාජය සේවක ඔබ විසින් දැනට භාවිත කරන Home Broadband සම්බන්ධතාව (ඔබගේ ජාතික හැදුනුම්පත් අංකයට ලබා ගත්) මෙම විශේෂ Data Packages වෙත මාරු කර ගැනිමට අවශ්‍ය නම් ඒ සදහා ඉල්ලිම් ලිපියක්, රාජය සේවක හැදුනුම්පත හා ජාතික හැදුනුම්පත ඔවුන් වෙත ලබා දිය යුතු වෙනවා. මෙය ඔබට Dialog සමාගමේ WhatsApp දුරකථන අංකය වන 0777678678 මගින් පාරිභෝගික සේවා නිලධාරියෙකු සම්බන්ධ කර ගෙන ඉහත තොරතුරු ඉදිරිපත් කිරිමෙන් සිදු කර ගත හැකි වෙනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna