Dialog 5G පරිශිලකයින් ප්‍රමාණය ලක්ෂ 02 පසු කරයි

පසුගිය දිනක Dialog සමාගම විසින් නිවේදනය කර සිටියේ මේ වන විට ඔවුන්ගේ 5G Trail Network එක ශ්‍රී ලාංකිකයින් 200000කට අදික සංඛ්‍යාවක් භාවිත කර ඇති බවයි.

Dialog 5G පරිශිලකයින් ප්‍රමාණය ලක්ෂ 02 පසු කරයි

ඔබට මතක ඇති 2020දී පමණ Dialog සමාගම විසින් ඔවුන්ගේ 5G Trail Network එක ප්‍රථමවතාවට ඔවුන්ගේ පාරිභෝගිකයික් සඳහා භාවිත කිරිමේ අවස්ථාව ලබා දුන්නා. ඉන් පසුව මේ වන විට ඔවුන් විසින් ශ්‍රී ලංකාව පුරා කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 70කට වැඩි ප්‍රමාණයක 5G Trail Network එක භාවිත කිරිමේ පහසුකම් සළසා තිබෙනවා.

ඒ අනුව පසුගිය දිනක Dialog සමාගම විසින් නිවේදනය කර සිටියේ මේ වන විට ඔවුන්ගේ 5G Trail Network එක ශ්‍රී ලාංකිකයින් 200000කට අධික සංඛ්‍යාවක් භාවිත කර ඇති බවයි.


ඔවුන් විසින් මේ 5G Trail Network එක ඔස්සේ තම පාරිභෝගිකයික් සඳහා 1Gbps දක්වා වු Download සහ Upload Speed එකක් ලබා ගත හැකි අතර මොවුන් ලංකාවේ විශාලතම 5G trial network එක සඳහාත් හිමිකම් කියනු ලබනවා. මීට අමතරව ඔවුන් විසින් තම 5G පාරිභෝගිකයින් සියලු දෙනා සඳහාම සෑම මසකටම නොමිලේ 5GB Data ප්‍රමාණයක් ලබා දීමටත් කටයුතු කරනු ලබනවා.

ඒ වගේම මිට මසකට පමණ පෙර ඔවුන් විසින් තම 5G පාරිභෝගිකයින් සඳහා Voice over 5G (VoNR) හඳුන්වා දීමටත් කටයුතු කරනු ලැබුවා.

Sources: dialog.lk bizenglish.adaderana.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna