Dialog සමාගම විසින් Voice over 5G (VoNR) ශ්‍රී ලංකාව තුල සාර්ථකව අත්හදා බැලීමට සමත් වේ

Dialog සමාගම විසින් Voice over 5G (VoNR) ශ්‍රී ලංකාව තුල සාර්ථකව අත්හදා බැලීමට සමත් වේ

ඔබ මේ වන විටත් හොදින්ම දන්නවා Dialog සමාගම විසින් ඔවුන්ගේ 5G ජාලය මේ වන විට වඩාත් පුළුල් කර ඇති බව. ඒ අනුව මේ වන විට කොළඹ ඇතුළු දිව⁣යිනේ ස්ථාන 70කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි 5G ජාලය ව්‍යාප්ත කර තිබෙනවා.

Dialog සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ 5G භාවිත කරන පාරිභෝගිකයන් සඳහා Voice over New Radio (VoNR) පහසුකම හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මේ VoNR පහසුකම ඔස්සේ ඉතා ඉක්මනින් දුරකථන ඇමතුම් සම්බන්ධ කිරීම, එකිනෙක හා සම්බන්ධ වන කටහඬ අතර කාලය ප්‍රමාදය අවම කිරීම සහ ඇමතුම්වල ගුණාත්මක බව වැඩි වීම ආදි වැඩි දියුණු විම් රැසක් ලැබෙනවා.

මේ සේවාව ලබා දීම සඳහා Dialog සමාගම සඳහා තාක්ෂණය සපයනු ලබන්නේ Huawei සමාගම විසින් වන අතර 5G VoNR යනු 4G පාරිභෝගිකයන් සඳහා ලබා දී ඇති VoLTE පහසුකමට මෙන්ම 5G සඳහා ලබා දෙන පහසුකමක් වනවා.

ශ්‍රී ලංකාව තුල මෙම පහසුකම අත්හදා බැලූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

Source: www.dialog.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna