ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 7ක 5G innovation centres පිහිටු වීමට Dialog Axiata සූදානම් වේ

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 7ක 5G innovation centres පිහිටු වීමට Dialog Axiata සූදානම් වේ

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ( UGC ) සමග එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සපයන ආයතනයක් වෙන Dialog Axiata සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල කිහිපයක ඉංජිනේරු පිඨවල 5G Innovation Centres පිහිටුවීමට සුදානමින් සිටිනවා.

ඒ අනුව මේ 5G Innovation Centres මගින් විශ්ව විද්‍යාලීය සිසුන්ට 5G Connectivity හා එහි නවිනතම යෙදිම් ආදිය පිළිබඳව තම විශ්වවිද්‍යාලයේ සිටම අත්දැකීම් ලබා ගත හැකි වෙනු ඇත. මේ සමග Artificial Intelligence, Machine Learning, Computer Vision, Blockchain, Robotics, The Internet of Things (IoT) අදි තාක්ෂණයන් පිළිබඳව ⁣අධ්‍යනය කිරිමේ හැකියාව වැඩි වෙනවා.

මෙලෙස 5G Innovation Centres පිහිටුවිම සදහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ NSBM හරිත සරසරවිය යන රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාලය තෝරාගෙන තිබෙනවා.

මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ප්‍රකාශ කර සිටියේ මෙය ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාලය ඉතිහාසය තුල දැවැන්ත සන්ධිස්ථානයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමය ඔප්නැංවීමටත් මහත් පිටුවහලක් වනු ඇති බවයි.

Source : Daily News

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara