Dialog සහ Airtelහි ශ්‍රී ලං​කා මෙහෙයුම් එකාබද්ධ කිරීමට TRCSL අනුමැතිය ලැබේ

Dialog සහ Airtelහි ශ්‍රී ලං​කා මෙහෙයුම් එකාබද්ධ කිරීමට TRCSL අනුමැතිය ලැබේ

ඔබට මතක ඇති පසුගිය වසරේදී Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීම සඳහා එකඟතාවයකට එළඹුන බවත්, ඒ සඳහා වු ගිවිසුම් ඔවුන් අත්සන් කළ බවත් අප වාර්තා කල බව.

Bharti Airtel සමාගම ඔවුන්ගේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් Dialog Axiata සමාගම සමඟ එකාබද්ධ කිරීමට සුදානම් වේ
Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීමට කිරිම සඳහා එකඟතාවයට එළඹ තිබෙන අතර මේ සඳහා අවශ්‍ය එකඟතා ගිවිසුම සඳහා අද දින අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම සමාගම් ව​ල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබි තිබෙනවා.

මේත් සමඟ ඉදිරි මාස කිහිපය තුළදී එම ගිවිසුම්වලට අනුකුලව Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීම සිදු වනු ඇති අතර එහි ප්‍රතිඵල ලෙස මෙම සමාගම් දෙක විසින්ම ඔවුන් දැනට සේවා සැපයීම සඳහා භාවිත කරන Spectrum සහ දුරකථන කුළුණු ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ සේවා සැපයීම සිදු කිරීමට නියමිතව පවතිනවා.

එමෙන්ම පසුගිය දිනක නිල වශයෙන්ම තම සේවා අවසන් කළ LankaBell සමාගමට අයත් Spectrum අනෙක් දුරකථන සේවා සපයන සමාගම් අතර සමානව බෙදා දීමට විදුලි සංද්ශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

LankaBell සමාගම විසින් තම 4G LTE සේවා නවතා දැමීමට සුදානම් වෙයි
ඔවුන් විසින් SLT-MOBITEL සමාගම ඔස්සේ තම පාරිභෝගිකයින්ට අන්තර්ජාල සේවාව ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව SLT-MOBITEL සමාගම සඳහා 2300 MHz ද Hutch සමාගම සඳහා 2500 MHz ද ලබා දී ඇති අතර Dialog Axiata සහ SLT-MOBITEL සමාගම් අතර 1800,2000 MHz බෙදා දී තිබෙනවා.

මෙලෙස Bharti Airtel සමාගම, Dialog Axiata සමාගම සමඟ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ මෙහෙයුම් එකාබද්ධ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දුරකථන සේවා සැපයීමේ වෙළදපොළින් 63%ක් ඔවුන් සතු වන අතර SLT-MOBITEL සඳහා 25% ද, Hutch සඳහා 12% ද හිමි වනු ලබනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara