Linux Desktop මෙහෙයුම් පද්ධති භාවිතය පහුගිය මාසය තුළ දෙගුණ වෙලා!

Linux Desktop මෙහෙයුම් පද්ධති භාවිතය පහුගිය මාසය තුළ දෙගුණ වෙලා!

Netmarketshare අඩවියේ වාර්ථා වලට අනුව පසුගිය මාර්තු මාසයේ 1.36% ක් වූ Linux මෙහෙයුම් පද්ධති භාවිතය අප්‍රේල් වන විට 2.87% දක්වා දෙගුණයකටත් වැඩි ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.

විවිධ Linux Distribution සමඟ සැසඳීමේදී Ubuntu මෙහෙයුම් පද්ධතියේ භාවිතයද සීග්‍ර වැඩි වීමක්ද පෙන්නුම් කෙරෙනවා. පසුගිය කාලයේ Ubuntu මෙහෙයුම් පද්ධතියට එතරම් හොඳ කලක් නොවූවත් එක් මසක් තුළ ඔවුන්ගේ පරිශීලක සංඛ්‍යාව තුන් ගුණයකටත් වඩා වැඩි වීමක් Netmarketshare අඩවියේ වාර්තා මඟින් බලාගත හැකියි.

මෙම විශාල වර්ධනයට හේතුව ලෙස Windows පරිශීලකයින් Windows අතහැර දමා Linux සහ MacOS වෙත  පිවිසීම පෙන්වා දිය හැකියි.

එලෙස Windows හැර යාමට හේතු ලෙස, Windows 7 සඳහා Microsoft සමාගමේ සහය නවතා දැමීම මෙන්ම පසුගිය කාලයේ ලෝකය මුහුණ දුන් Covid-19 වෛරස තත්වයද හේතු විය හැකි බව දැක්විය හැකියි.

පසුගිය කාලයේ විවිධ සමාගම් යටතේ සේවය කළ පිරිස නිවාස තුළට වී වැඩ කිරීම ඇරඹීම නිසා සේවා ස්ථාන වල පිහිටුවා ඇති පරිගණක වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික පරිගණක වැඩි වශයෙන් භාවිතා කිරීම ආරම්භ කළා. සේවා ස්ථාන වල ඇති වානිජමය මෘදුකාංග වෙනුවට පෞද්ගලික පරිගණක වල ඇති නොමිලේ ලබාගත හැකි මෘදුකාංග (Linux පාදක මෙහෙයුම් පද්ධති ආදිය) භාවිතය ද මෙම සීග්‍ර ඉහළ යාමට හේතුවක් විය හැකියි.

කෙසේ නමුත්, සිදු වී ඇති වෙනස ගැන Linux පරිහරණය කරන උදවිය වශයෙන් මට නම් පෞද්ගලිකව ඇත්තේ සතුටකි. මෙම වර්ධනය ඉදිරියටත් පවත්වාගත හැකි වෙතොත්, එය තාක්ෂණ ලෝකය වෙනතකට හැරවිය හැකි වෙනසක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara