Social media account එකක් හරියට delete කරන්නේ කොහොමද?
සමාජ මාධ්‍ය එහෙමත් නැත්නම් social media වල අඳුරු පැත්ත Android වැඩකාරයෝ කියවන ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. Social Media වෙබ් සයිට් එකකින් සදහටම අයින් වෙන්න හරි එහෙමත් නැත්නම් අලුත් account එකක් හදන්න තියෙන account එක හරි විදිහට delete කරන විදිහ ගැනයි මේ.
Social Media කරන company වලින් ඔයාට කීයක්වත් නොදුන්නට ඔයා upload කරන දේවල් ආශ්‍රයෙන් මේ company හොඳ ආදායමක් උපයනවා. ඒ නිසා මෙච්චර වටින ගනුදෙනුකාරයෙක්ට ලේසියෙන් මේවගෙන් අයින් වෙන්න දෙන්නේ නෑ. ඔයා අයින් වුනා කියල හිතුවත්, බොහෝ විට ඒක එහෙම නොවෙන්න පුළුවන්.
මෙච්චර කාලයක් අතින් වියදම් කරන් facebook ඇවිත් ඔයා Mark Zuckerberg ගේ ඩොලර් බිලියන 87 කට වැඩි වත්කමට සුළු මුදලකින් හරි දායක වෙලා ඇති. ඒ හින්ද Mark ඔයාට ලේසියෙන් "යන්න" දෙන්නේ නම් නෑ.
Facebook Account එකක් deactivate කරත් ආය ඒක active කරද්දී මොකුත් වුනේ නෑ වගේ තියෙන්නේ එකේදී වෙන්නේ ඔයාගේ තොරතුරු අනිත් අයගෙන් හංගන එක විතරක් නිසා. Facebook එක ඒ තොරතුරු වලින් හොඳට වැඩ ගන්නවා.
ඔයාට ඕනේ ටික කාලෙකට account එක deactivate කරන්න නම්, Settings වල Settings and Privacy වලට යන්න. Your Facebook Information කියන එක click කරන්න. එතනින් Deactivation and Deletion click කරලා Deactivate Account තෝරන්න. අන්තිමට Continue to Account Deactivation click කරලා එන උපදෙස් වලට අනුව deactivation එක කරන්න.
එත් ඔයාට Facebook account එක අයින්ම කරන්න ඕනේ නම්, කලින් ගියපු Deactivation and Deletion option එකේ Delete Account තෝරලා Continue to Account Deletion click කරන්න. පාස්වර්ඩ් එක type කරලා continue කරන්න. ඊට පස්සේ Delete Account click කරන්න.
දැන් හරිද? නෑ, හරියටම ඔයාගේ details ඔක්කොම delete වෙන්න දවස් කීපයක් යනවා. ඔයා ඒ කරේ ඉල්ලීමක් විතරයි. දැන්, මේ කාලේ ඇතුලත ඔයා ආයේ Facebook log වුනොත් ඔයාගේ ඒ ඉල්ලීම නිකන්ම අයින් වෙනවා. හොඳම දේ තමයි දවස් කීපයක් facebook log නොවී ඉන්න එක. facebook app එක delete කරලා දාන්න.
හැබැයි මීට කලින් ඔයාගේ account එකේ තියෙන තොරතුරු ඔක්කොම ටික download කරගන්න එක නුවණට හුරුයි. Settings > Your Facebook Information > Download Your Information click කලාම ඔයාට email එකක් එයි download link එකක් එක්ක. ඉක්මනට මේ ටික download කරගන්න මොකද මේ link එකත් ටික දවසකින් expire වෙනවා.
Photos,video නම් download කරන එකේ තේරුමක් නෑනේ. ඒක නිසා Google photos එකට බැකප් කරගන්න. කරගන්න විදිහ යටින් තියනවා.
Mark Zuckerberg ගේ තවත් ආදායම් මාර්ගයක් වන Instagram, mobile phone පදනම් කරගෙන යන app එකක් වුනත් mobile එකෙන් instagram account එක delete කරන්න නම් බෑ. Instagram Web එකෙන්ම log වෙලා delete කරන්න වෙනවා.
Instagram settings වලින් කරන්න පුළුවන් facebook වගේ account එක තාවකාලිකව disable කරන්න විතරයි. ඔයාගේ photos, likes, comments අනිත් අයට නොපෙනුනාට Facebook සර්වර් වල ඒ details ඔක්කොම තියනවා.
Instagram disable කරන්න ඕනේ නම් ඔයාගේ account page එකට ගිහින් Edit Profile click කරන්න. Page එකේ අන්තිමට temporarily disable කරන්න option එක ඇති.
සම්පුර්ණයෙන්ම instagram වලින් අයින් වෙන්න නම්, මේ පහල link එකට ගිහින් password එක type කරලා Permanently Delete My Account click කරන්න.
https://instagram.com/accounts/remove/request/permanent
TikTok
කතා කරන්න පවා අකමැති මාතෘකවක් නිසා කෙලින්ම කියන්නම්; මේ app එකේ Me කියල section එකක් තියෙනවලු. එතනින් Manage My Account ගිහින් Delete My Account click කලාම account එක delete වෙනවලු.
Facebook වගේම Twitter account එකත් delete කරන්න කලින්, ඔයා ඒකට upload කරපු දේවල් ටික download කරගන්න එක නුවණට හුරු වැඩක්. මේක කරන්න Profile එකට ගිහින් Account click කරලා Your Twitter Data option එකට යන්න. Password එක type කරලා confirm කලාම ඔයාගේ data ටික download කරගන්න පුළුවන්.
Account එක සම්පුර්ණයෙන් delete කරන්න Settings > Account වල පහලම තියෙන Deactivate Your Account click කරන්න. Password එක type කරලා confirm කලාම account එක deactivate වෙනවා.
ඒත් Facebook වගේ ඔයාට දවස් 30ක් යනවා Account එක permanently delete වෙන්න. මේ කාලේ ඇතුලත ඕනේ නම් නැවත account එක activate කරගන්න පුළුවන්. දවස් 30 ගිහාම Twitter එක ඔයාගේ account එක delete කරන්න "පටන් ගන්නවා". Twitter privacy policy එකට අනුව මේකටත් සති කීපයක් යන්න පුළුවන්.
Snapchat
පහල link එකට ගිහින් ඔයාගේ Snapchat username, password type කරලා log වෙන්න. දැන් account එක deactivate වෙයි. හැබැයි මේකත් සම්පුර්ණයෙන් delete වෙන්න දවස් 30ක් යනවා.
අනිත් social media
ඔව්, මේ ජනප්‍රිය sites වලට අමතරව තවත් social media sites ගොඩක් ඔයා පාවිච්චි කරනවා ඇති. එවාගේත් account එක delete කරන්න හොඳම තැන තමයි Settings. එතන ඒ option එක නැත්නම් ඒ ගැන web search එකක් දාන්න. එහෙමත් නැත්නම් ඒ company website එකේ support/FAQ page එකට යන්න. අනිවාර්යයෙන් එතන delete කරන්න උපදෙස් ඇති.