Two-Factor Authentication (Online accounts ආරක්ෂාකර ගමු - 03)
![Two-Factor Authentication (Online accounts ආරක්ෂාකර ගමු - 03)](/content/images/size/w1200/2020/05/two-factor-authentication-android-wedakarayo.jpg)
![](https://backend.androidwedakarayo.com/content/images/2020/04/two-factor-auth-android-wedakarayo-1.png)
මේක සමහරවිට ඔයා දැනටමත් Facebook එකේ හෝ ඔයාගෙ Google ගිණුමේ settings වල දැකලා ඇති. මේ මොකක්ද කියලා තමයි අද කියලා දෙන්න යන්නෙ. මේ පෝස්ට් එකේ topic එක Two-Factor Authentication වුණාට, මම කියලා දෙන්නම් Three-Factor Authentication එක ගැනත්.
Three-Factor Authentication එහෙමත් නැතිනම් සාධක තුනක තහවුරු කිරීම කියන්නේ මෙන්න මේ සාධක තුනට.
- Something you know - ඔබ දන්නා දෙයක්
- Something you have - ඔබ සතු යමක්
- Something you are - ඔබේ ශරීරයේ කොටසක්
Two-Factor Authentication ක්‍රියාදාමය සිදු වෙන හැටි
![](https://backend.androidwedakarayo.com/content/images/2020/04/two-factor-auth-2-android-wedakarayo.png)
යම් online සේවාවකට හෝ කිසියම් පද්ධතියකට log වෙන්න යනකොට සාමාන්‍යයෙන් අපි ඉස්සර ඉඳන් කළේ Username එකයි පාස්වර්ඩ් එකයි ගහලා login වුන එකනෙ. ඒත් ඒ ක්‍රමය ආරක්ෂාකාරී අඩු බව තේරුම්ගියාට පස්සේ තමයි Two-Factor Authentication කියන සංකල්පය ආවේ. මේ කාරණාවෙදි වෙන්නෙ මේකයි, ඔයා යම් කිසි පද්ධතියකට log වෙන්න උත්සහ කරන අතරේදි ඔයාට username සහ password ගැහුවත් ඒ අදාල පද්ධතියට log වෙන්න දෙන්නේ නැහැ.