Smartphone camera lenses වල ආරක්ෂාවට Dx සහ DX+ නමින් Gorilla Glass වර්ග දෙකක් Corning සමාගම විසින් හඳුන්වා දේ

Smartphone camera lenses වල ආරක්ෂාවට Dx සහ DX+ නමින් Gorilla Glass වර්ග දෙකක් Corning සමාගම විසින් හඳුන්වා දේ

Gorilla Glass කියන්නේ Smart Phone වල Display Screen Protection Technology එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේ Screen Protection Technology දැනට තියෙන හොදම Screen Protection Technology එක කියල හැදින්විය හැකියි.

මේ Gorilla Glass නිෂ්පාදනය කරන සමාගම වෙන Corning සමාගම විසින් මේ වෙන විට Smart Phonesවල Camera Lens එක ආරක්ෂා කිරිම සදහා Gorilla Glass DX හා DX+ කියන Gorilla Glass කාණ්ඩය හදුන්වා දි තිබෙනවා.

Corning සමාගම දක්වන ආකාරයට මේ Gorilla Glass DX හා DX+ මගින් Camera Lens එක සිරීම් ආදියෙන් ආරක්ෂා කිරිමේ හැකියාව ලැබි තිබෙනවා. ඒ වගේම මේ මගින් Photos හා Videosවල ගුණාත්මක භාවයට කිසිදු හානියක් සිදු නොවන බවත් Camera Lens එක ඔස්සේ Camera Sensor එක වෙත ලැබෙන ආලෝකයෙන් 95%ක් මේ මගින් ලබා දෙන බවත් ඔවුන් වැඩිදුරටත් දක්වා තිබෙනවා

මේ නව Gorilla Glass DX හා DX+ Camera Lens Protection එක යොදා ගැනිමට නියමිත Smart Phones මොනවාදැයි ඔවුන් ප්‍රකාශ කර නොමැති වුවත් මේ Camera Lens Protection එක යොදා ගන්නා පළමු සමාගම ලෙස Samsung සමාගම ලෙස ඔවුන් දක්වා තිබෙනවා.

Gorilla Glass ගැන වැඩි විස්තර මෙතනින්.

Source : Corning, Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna