Conti Ransomware එක ලොව සෞඛ්‍ය සංවිධාන 16කට ප්‍රහාර එල්ල කරයි

Conti Ransomware එක ලොව සෞඛ්‍ය සංවිධාන 16කට ප්‍රහාර එල්ල කරයි

මේ දින වල සෞඛ්‍ය අංශ වලට නම් ඒ තරම්ම හොඳ කාලයක් නෙමෙයි ලබලා තියෙන්නෙ.මොකද කියනවා නම් භෞතිකව පැතිරෙන වෛරස මෙන්ම Cyber අවකාශයෙන්ද දැන් වෛරස තර්ජන එල්ල වීමට පටන් ගෙන තියෙනවා.

"Corona වට්ටපු සෞඛ්‍ය ක්ශේත්‍රයට Conti ඇන්නා වගේ" කියන කියමන ගැලපෙනවා කියලා හිතනවා මේ කාරණයෙදි.

FBI සංවිධානයට අනුව මෙම Conti Ransomware එක මඟින් මෑතකදී සෞඛ්‍ය සේවා සංවිධාන 16කට පමණ Attack කර තිබෙනවා. එම සංවිධාන වලට මෙයින් ඇතිවන අනාගත බලපෑම් වලට උපකාර කරන බවද FBI සංවිධානය ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසර තුල ඇමරිකාවේ සෞඛ්‍ය සේවා සහ ඒ පිළිබඳ නීති ක්‍රියාතමක ආයතන, 9-1-1 හදිසි ඇමතුම් මධ්‍යස්ථාන සහ මහ නගර සභා ඇතුළු හදිසි ප්‍රතිචාර දක්වන ජාලයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ Conti Ransomware Attacks 16ක් පමණ හඳුනාගත් බව FBI සංවිධානය මගින් නිවේදනය කලේය.

ලොවපුරා මෙවැනි සෞඛ්‍ය සේවා සංවිධාන හා හදිසි ප්‍රතිචාර ආයතන ජාලයන් 400කට අධික සංඛ්‍යාවක් Conti ගේ ගොදුරු බවට පත්ව ඇති අතර ඉන් 290කට වඩා ආයතන ඇමරිකාව තුල පිහිටා ඇත.

Conti Ransomware එක යනු (RaaS) (Ransomware as a Service) කාණ්ඩයේ එකක්ය. මෙම ප්‍රහාර දියත් කරන කණ්ඩායමේ නාමය "Wizard Spider" වන අතර මොවුන් ලොවපුරා සංවිධානාත්මකව ප්‍රහාර දියත් කරන රුසියාව පදනම් කරගත් Cyber අපරාධ කණ්ඩායමක් බව විශ්වාස කෙරේ.

මෙම Conti Ransomware එක Victimsලාගෙ ජාල වලට ප්‍රවේශ වන්නේ Malicious Email Links, Attachments හෝ සොරකම් කරන ලද RDP Credentials හරහාය.

Victimsලා විසින් Attackersලා ඉල්ලා සිටින මුදල දින 8ක් තුල ගෙවිය යුතුය. අදාල කාල සීමාව තුල Victimsලා මුදල් නොගෙවන්නේ නම් Attackersලා Victimsලව සම්බන්ධ කර ගන්නවා VOIP (Voice Over Internet Protocol) හෝ Encrypted Emails හරහා. Conti Ransomware එක ක්‍රියා කරන ආකාරය ඉතා සරල වන අතර "Doppelpaymer Ransomware" එකට බෙහෙවින් සමානකමක් දක්වයි.

මෙයට ගොදුරු වන්නේ ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධාන පමණක්ම නොවේ. අයර්ලන්‍තයේ සෞඛ්‍ය සේවා විධායක (HSE) සහ ඔවුන්ගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට (DoH) ද එවැනිම ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවූ අතර එහිදී Conti Attackersලා විසින් ඩොලර් මිලියන 20 ක කප්පමක් ඉල්ලා සිටියහ. මෙම ප්‍රහාරය මැඩපැවැත්වීමට DoH එකට හැකි වූ නමුත් HSE එකට එහි තොරතුරු පද්ධතිය මුළුමනින්ම වසා දැමීමට සිදුවුණා.

ඔබ සෞඛ්‍ය සේවා ආයතනයක IT admin හෝ Security Expert කෙනෙකු නම් ඉහත තොරතුරු ගැන අවධානය යොමු කර එය වලක්වා ගැනීමට පියවර ගන්න.එවිට මෙම Ransomware එකෙන් ඔබේ ආයතයේ දත්ත ආරක්ෂා කර ගත ගන්න පුලුවන් වේවි. Conti Ransomware එක විසින් Attack කරන සියලුම සංවිධානවලින් ඔවුන්ගේ තොරතුරු බෙදා ගන්නා ලෙසද FBI සංවිධානය ඉල්ලා තිබේ.

Source: Android Headlines

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara