ඔබත් නිතරම පරිගණකය භාවිතා කරනවා ද? එහෙනම් පරිස්සමෙන්, ඔබටත් මේ ආබාධ ඇති විය හැකියි

ඔබත් නිතරම පරිගණකය භාවිතා කරනවා ද? එහෙනම් පරිස්සමෙන්, ඔබටත් මේ ආබාධ ඇති විය හැකියි

නව ලෝකයත් එක්ක අපිට අත්‍යාවශ්‍යම දෙයක් තමයි පරිගණකය කියන්නේ. ඒ වගේම අපි දවසේ වැඩි කාලයක් ගත කරන්නේ පරිගණකය ඉදිරියේ. ඒ වගේම පරිගණකයෙන් අපිට වාසි වගේම අවාසිත් ලැබෙනවා. ඒ නිසා අපි පරිගණකයෙන් ලැබෙන වාසි හොයනවා වගේම අපි හොයන්න ඕන අපිට මොන වගේ හානි වෙනවා ද කියලා. අද Android වැඩකාරයෝ අපි ඔයාලට කියන්න යන්නේ පරිගණකය නිසා සෞඛ්‍යට සිදුවෙන හානි කිහිපයක් පිළිබඳවයි.

1. Computer vision Syndrome

ඇස් වියළීම, දැවිල්ල, හිසරදය, ඇස්වල ආතතිය මෙහිදී ඇතිවෙනවා.

2. Lumbar Degenerative Disc Disease

පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම නිසා කොඳු ඇට පෙළෙහි පහළ කොටසෙහි ඇති වෙන වේදනාව

3. Intersection Syndrome

අපි හැමවෙලේම keyboard එකෙන් type කරනකොට නිතරම මහපට ඇඟිල්ල සහ මැණික් කටුව චලනය වෙනවා. මේ නිසා කන්ඩරා වල ඇති වෙන සීරීම් නිසා දැනෙන වේදනාව මෙහි රෝග ලක්ෂණයයි.

4. Tennis Elbow

අත, උඅරහිස, සම්බන්ධ වන කන්ඩාරා නිතරම එහා මෙහා චලනය වීම නිසා සුළු අංශභාග රෝග තත්වයක් ඇති වීම මෙහිදී වෙනවා

5. Carpal Tunnel Syndrome

නිතර mouse එක ස්පර්ශ කිරීම නිසා මැණික් කටුවේ අස්ඨ්හි මෙම රෝගයට ගොදුරු වෙනවා. ඒ නිසා අත හිරිවැටීම පාලනය කරගන්න නොහැකි වෙනවා

6. Stenosing Tenosynovitis

මෙයත් නිතර mouse එක ස්පර්ශ කිරීම නිසා ඇඟිලිවල චලනය සම්බන්ධිත කන්ඩරා සීරීම නිසා ඒ තුළ වේදනාවක් ඇති වෙනවා

7. Thoracic outlets Syndrome

මේ රෝගයේ ලක්ෂණ වන්නේ බෙල්ලේ සිට දෙඅත් කරා ගමන් කරන රුධිර නාල සහ ස්නායු සංකෝචනය වීම නිසා අත්වල බෙල්ලේ සහ පපුවේ ඇතිවන වේදනාව

8. Cervical degenerative disc disease

පරිගණක තිරය දෙස බලා සිටීමේදී වැරදි ඉරියව්වකින් සිටීම නිසා කොඳු ඇට පෙලේ ඉහළ කොටසට හා බෙල්ලේ මාංශ පේශි වලට හානි වෙනවා. එහිදී එම ඉන්ද්‍රියන් වේදනාවට පත්වීම මෙහි ලක්ෂණයයි.

විසඳුම ?

දවසින් වැඩි වෙලාවක් පරිගණකය ඉදිරියේ සිටින ඔබටත් මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපිට වැඩ නොකර ඉන්නත් බැහැ නේ. ඉතින් මේ ලෙඩ වලින් බේරිලා ඉන්න එක තමයි හොඳම දේ.

ඒකට කරන්න ඕන නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, ව්‍යායාම වල නිරත වීම වගේ දේවල්. මේ පහළ තියෙන video එකේ Ergonomics Expert කෙනෙක් වන Jon Cinkay, නිවැරදි ඉරියව් පවත්වාගන්න ආකාරය කියා දෙනවා. පරිගණකයේ නිතරම ඉන්න අයට වගේ අනිත් අයටත් මේක වැදගත් වෙයි.

Source - Micro Health

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara