Acer සමාගමට REvil Ransomware ප්‍රහාරයක් එල්ල වෙයි, ප්‍රහාරකයන් විසින් ඩොලර් මිලියන 50ක කප්පම් ඉල්ලයි

මෙවැනි ප්‍රහාරයකට බලපෑ දුර්වලතාව ලෙස බොහෝ වාර්තා සඳහන් කරන්නේ Microsoft Mail Exchange server සේවවායි.

Acer සමාගමට REvil Ransomware ප්‍රහාරයක් එල්ල වෙයි, ප්‍රහාරකයන් විසින් ඩොලර් මිලියන 50ක කප්පම් ඉල්ලයි

දැනට ලැබෙන වාර්තා  වලට අනුව REvil ransomware ප්‍රහාරයකට Acer සමාගම මුහුණ දී සිටිනවා. Acer සමාගම මේ ගැන තවමත් (2021.03.22 දින) නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, කප්පම්කරුවන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ඔවුන්ගෙන් ඉල්ලා ඇති බවටයි බොහෝ වෙබ් අඩවි සඳහන් කරන්නේ.

එසේම එම මුදල මාර්තු 28 වන විට පියවීමට නොහැකි වුවහොත් ඉහත අගය ඩොලර් මිලියන 100 දක්වා වැඩි කරන බවටත් ඔවුන් ප්‍රකාශ කර සිටින බව වාර්තාවනවා.

මොකක්ද REvil කියන්නේ ?

අප මීට පෙර ransomware ගැන ලිපියක් ඔබට ගෙන ආවා මතක ඇති.

REvil කියන්නෙත් ransomware සේවා සපයන කණ්ඩායමක්. ඔවුන් මෙහෙදී කරන්නේ අවශ්‍ය ජාලයට ඇතුලත් වී එහි ඇති වටිනා දත්ත අයිතිකරුවන්ට ගැනීමට නොහැකි ලෙස අවහිර කර, එම අවහිරය ඉවත් කිරීම සඳහා කප්පමක් ඉල්ලීමයි. Ransomware සෑම එකක්ම පාහේ අනුගමනය කරන්නේ මෙයට සමාන ක්‍රියාවලියක්.

Ransomware ප්‍රහාරයක් එල්ල වූ පසු.

REvil මොනවද කරලා තියෙන්නේ?

විදෙස් වාර්තා වලට අනුව REvil වෙබ් අඩවියේ ඔවුන් එලෙස අත් කරගත් දත්ත වල images පල කර තිබෙනවා. ඒවායේ ඇත්තේ මුල්‍ය වාර්තා ආදියයි. සාමාන්‍ය මහජනතාවට බලපාන දත්ත කිසිවක් ඒ අතර තිබු බවක් නම් සඳහන් වෙන්නේ නෑ.

මේ දත්ත බොහෝ විට වෙනත් පාර්ශව වෙත වෙන්දේසි කිරීමයි REvil වැනි සේවා සිදු කරනු ලබන්නේ.

මෙවැනි ප්‍රහාරයකට බලපෑ දුර්වලතාව ලෙස බොහෝ වාර්තා සඳහන් කරන්නේ Microsoft Mail Exchange server සේවවායි.

එසේම 125,000ක් පමණ මෙම exchange සර්වර් මෙවැනි ප්‍රහාරයට ලක්වීමේ අවධානමක ඇති බවත් සයිබර් ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයින් ප්‍රකාශ කොට තිබෙනවා.

Sources:  Wikipedia, Forbes

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara