පාට වලින් කියන්නෙ මොනවද? මාකටින් වලදි මොනවද පාවිච්චි කරන්න ඕන පාට?

පාට වලින් කියන්නෙ මොනවද? මාකටින් වලදි මොනවද පාවිච්චි කරන්න ඕන පාට?

පාටවලින් මොලේට කොච්චර ලොකු බලපෑමක් කරනවද කියන දේට මේ පොඩි සටහන එක්ක එන ෆොටෝ එක ලොකු උදාහරණයක්. Pizza Hut, KFC, Domino’s, McDonald’s වගේ ලොකු ලොකු කෑම කඩ ඔක්කොම රතුපාට මුල් කරගන්නෙ ඇයි කියලා දන්නවද? මේ විදියට බැලුවම හැම වර්ණයක්ම එක රූපයකට එන්නෙ විවිධත්වය හඟවන්නයි. ඉතිං ඒකට Google සහ eBay තරං හොඳ සාක්ෂි වෙන කොහෙන්ද?

1. කහ

කහ පාටින් හැඟවෙන්නෙ සර්වශුභවාදය. කහ පාටින් ඔබේ මොළය උත්තේජනය කරලා සර්වශුභවාදය ඉස්මතු කරනවා. ඒ පැහැදිලිබව සහ ඒ තුළින් හඟවන උනුසුම්දායී හැඟීම නිසායි.

2. තැඹිලි

එය වඩා උද්දාමය සහ ආත්ම විශ්වාසය තුළින් මිත්‍රත්වයේ හැඟීම් දනවනවා. ඒ වර්ණයෙන් නිකලෝඩියන් චැනලය, වීඑල්සී ප්ලේයරය, හාලි ඩේවිඩ්සන් සහ ෆැන්ටා ලෝගෝ ඉදිරිපත් කරතිබීම පුදුම වන්නට කරැණක් නොවන්නේය.

3. රතු

ඔබ මෙම සටහනෙහි ඉන්ට්‍රඩක්ෂන් එක කියවූවා නම් මෙය වටහාගනු ඇත. ඒ රතු වර්ණයෙන් කෙරෙන තාරුණ්‍යෙය් ජවගැන්වුමයි. එය ඔබේ මනස හරහා කරන බලපෑම වඩා තාත්වික ලෙස මාකටින් වෙත යොදාගත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.

4. දම්

දම් වර්ණය යනු නව අදහස් සහ ඥානය සංකේතවත් කරන්නයි. ඒ හරහා නිර්මාණශීලීත්වය කියන කාරණය ඔබේ මනස තුළ උලුප්පන අතර ඔබට මෙහි සඳහන් රූපයෙන් ඊට බොහෝ නිදසුන් සොයාගත හැකි වනු ඇත.

5. නිල්

නිල් වර්ණය යනු විශ්වාසයේ සංකේතවත් කිරීමක් සහ ශක්තිය පෙන්වන්නකි. එනිසා ඔය ඔබේ දිවිය හා බැඳි දේ වෙනුවෙන් මාකටින් කරනන්නන් යොදාගනු ඇත. වර්තමාන ජීවිතය තාක්ෂණය විසින් ආක්‍රමණය කිරීමත් සමග ඒ සමාගම් මොනවාදැයි ඔබට රූපය නොබලාම සිතාගත හැකි වනු ඇත.

6. කොළ

කොළ වර්ණය වර්ධනය සහ සෞඛ්‍ය සම්පන්න බව හරහා සාමාදායී වාතාවරණයක් මනස තුළ ඇති කරවයි.

7. අළු සහ සුදු

මෙම වර්ණය දුටු වනම සිහිවන නිස්කලංක බව මෙහි සංකේතයයි. එය සමතුළිතබව යන මූලික මතය මනසේ ගොඩනගයි. එයට විකිපීඩියා කෙතරම් සාර්ථක උදාහරණයක්ද?

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara