Xiaomi සමාගම චීනයේ Great Wall සමාගම සමඟ එක්ව electric වාහන නිෂ්පාදනයට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Apple, Huawei සහ Baidu යන සමාගම් මෙන්ම Xiaomi සමාගමද දැන් EV නිෂ්පාදනයට අවතීර්ණ වී තිබෙනවා.

Xiaomi සමාගම චීනයේ Great Wall සමාගම සමඟ එක්ව electric වාහන නිෂ්පාදනයට සුදානම් වන බවට තොරතුරු වාර්තා වේ

චීනයේ Great Wall වාහන නිෂ්පාදන සමාගමත් සමඟ හවුල් ගිවිසුම් ගතවී එම සමාගමේම කර්මාන්තශාලා වල මෙම electric vehicle නිෂ්පාදනයට Xiaomi සමාගම සැලසුම් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

කෙසේ වුවත් තවම (2021.03.27 දිනට) Xiaomi හෝ Great Wall සමාගම් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නෑ.  

Smartphones වෙනුවට Smart-vehicles  

Xiaomi වැනි සමාගම් වලට තරඟකාරී අඩු මිලකට තම නිෂ්පාදන විකිණිය හැකි වී තිබෙන්නේ ඉතා අඩු ලාභාන්තිකයක් පවත්වාගෙන යන නිසා.

එම නිසා මේ සැලසුමත් Xiaomi සමාගම විවිධ අංශ වලින් තම ආදායම වැඩි කරගැනීමට ගන්නා උත්සහයක් ලෙස හැඳින්විය හැකියි.

ඒ වගේම ලෝකයටම බලපාන තත්වයක් හේතුවෙන් තම නිෂ්පාදන වල මිල ඉහල යාමට හැකි බව Xiaomi සභාපති සඳහන් කළ පුවතත් අප ඔබ වෙත ගෙන ආවා.

මේ වන විට smartphones වලට අමතරව smart ස්කූටර්, වායු සමන, rice cooker ආදී  අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි smart devices ගණනාවක් Xiaomi විසින් නිෂ්පාදනය කරනු ලබනවා.

එවිට, 2023 දී වෙළඳපොළට ඒමට නියමිත යැයි පැවසෙන මේ Xiaomi මෝටර් රථත්, තම smart devices eco system එකටම එක් කිරීමට Xiaomi සමාගම කටයුතු කරනු ඇති බවට මේ වන විට මත පල වනවා.

Source: Reuters

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara