ඉන්දියාවේ චීන app තහනම ලංකාවට බලපාන හැටි

ඉන්දියාවේ චීන app තහනම ලංකාවට බලපාන හැටි

ඉන්දියාව හදිසියේම පණවපු චීන apps තහනම බොහෝ අයට පුදුමයක් වුණත් ඒක බොහෝ කාලෙක පටන් තිබුණ රාජතාන්ත්‍රික අර්බුධයක ප්‍රතිඵලයක් විදිහටයි අන්තර්ජාතික මාධ්‍ය නම් වාර්තා කරන්නේ.

මේකෙදි ඉන්දියාව ගෙනාපු ප්‍රධානම තර්කය තමයි මේවා පාවිච්චි කරන පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු (camera feed, location) වගේම, phone එකේ තියෙන මේ apps වලට අදාළ නොවෙන data ත් මේ app අයිති Chinese servers වලට හැම මොහොතේම upload වෙන බව හා ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන එක.

ඉන්දියාව තහනම් කරපු app ඔක්කොම තහනම ගෙනාපු දවසෙම අපි ඔබට දැනුම් දුන්නා.

Mi Store, TikTok ඇතුලු චීන apps 52ක් ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දියානු බුද්ධි අංශ විසින් පවසයි
අද දිනයේදී ඉන්දියානු බුද්ධි අංශ විසින් තම රටෙහි අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනය වියහැකියැයි සැලකෙන Mobile Apps 52ක් හදුනාගෙන ඒවා තම රට තුල භාවිතා කිරීම අවහිරකිරීමට හෝ භාවිතා නොකරන ලෙසෙ ජනතාවට බලකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේ ආකාරයටහඳුනා ගත් Apps සියල්ලම කුමන යම් හෝ ක්‍රමයකින් චීනය හා සම්බන්ධ වූ ඒවාය…
තහනමින් පසු TikTok සමාගම ඉන්දියාවට සිය පළමු ප්‍රතිචාරය දක්වයි
ඊයේ දිනයේ (ජූනි 29) ඉන්දියාවේ ඉතාමත් ප්‍රචලිත වන app එකක් වන TikTok appඑකඉන්දියානු රජය විසින් තහනම් කරනු ලැබුවා. ඒ තවත් Chinese applications 58 ක්සමගින්. ඉතින් පැය 24ක් ගත වෙන්නත් කලින් TikTok India විසින් මේ තහනමට ප්‍රතිචාරදක්වා තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් TikTok India හි ප්‍රධා…

මේ ලිපි දෙක බැලුවා නම් තේරෙනවා ඇති ලංකාවෙත් බොහෝ අය එදිනෙදා පාවිච්චි කරන apps ගොඩක් එතන තියෙන බව. ඔබත් ඒවා delete කරනවාද නැද්ද කියල කල්පනා කරනවා නම් මේ ලිපිය කියවලම ඒක තීරණය කරන්න.

ඉන්දියාව මොනවා කළත් ලංකාවේ අපිට මොකද?

ඔව්, එහෙම හිතන එකෙත් වැරද්දක් නෑ. හැබැයි ලෝකේ හතර අතට ණය වෙලා ඉන්න රටක් විදිහට මේ වගේ අන්තර්ජාතික තීරණ, අපේ පැත්තට නොහිතන විදිහට කැරකිලා එන්න පුළුවන්.

විශේෂයෙන් ඉන්දියාවත් චීනයත් අපේ රටට කෙලින්ම මැදිහත් වෙලා ඉන්න වෙලාවේ අපිට කාගේවත් පැත්තක් ගන්න බෑ. අනික අපි මේ වගේ තහනමක් ගෙනාවත් මේ company වලට නම් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ දැනෙයි, එච්චරයි.

උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය කරමු

මේ වැඩෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ කීපයකුත් නැතුවාම නෙවෙයි. ඇත්ත, අපේ රජයට මේ වගේ රටවල් වල tech-products තහනම් කරන්න බෑ. ඒක ප්‍රයෝගිකත් නෑ. හැබැයි ඉන්දියාව මේ app තහනමත් එක්කම ගෙනාපු සංකල්පයක් තමයි "Made In India" භාණ්ඩ පාවිච්චි කරන්න කියන එක.

Make In India ව්‍යාපරය කලක පටන් පවත්වාගෙන යන්නක්

තමන්ගේ බිලියන 1.3ක් වෙන ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් online එන රටකට, මානව සම්පත කියන්නේ හොඳ ව්‍යාපාරික අවස්තාවක්. ඔවුන්ව එක අරමුණකට ගන්න පුළුවන් නම් එකෙන් රටක් විදිහට තමන්ට ලෝකයේ තියෙන තැන ඉහලට දාගන්න පුළුවන් වෙනවා.

ඒ අරමුණ ඉන්දියාව බොහෝ දුරට සාර්ථක කරගත්තා. මේ Boycott China (චීනය පිටුදකිමු) ව්‍යාපාරය වගේම Make In India (ඉන්දියාවේම නිෂ්පාදනය කරමු) ව්‍යාපාරයත් නිසා ඉන්දියානු ජාතිකත්වය මත පදනම් ව බොහෝ දෙනා දැන් තමන්ගේ රටේ නිපදවන නිෂ්පාදන මිලදී ගන්නවා වගේම පිටරට (විශේෂයෙන් චීනයේ) නිෂ්පාදන පුළුවන් තරම් වර්ජනය කරනවා.

ඒ භාණ්ඩ වල පිටරට දේවල් වල තරම් quality එකක් නැතුවත් ඇති. ඒත් ඒවා තමන්ගේ දේවල් විදිහට දකින්නයි ඔවුන් පුරුදු වෙලා ඉන්නේ.

දැන් ඉන්දියාවේදී Amazon, Flipkart වගේ websites වලත් හැම product එකටම යටින් නිෂ්පාදිත රට පෙන්වනවා. ඒ ඉන්දියානුවන්ට තමන්ගේ රටේ දේ හොයාගන්න ලේසි වෙන්න. මේකට filters පහසුකමත් දීලා තියෙන්නේ.

අපේ දේ අගයමු

ලාංකිකයෝ විදිහට අපිටත් කරන්න පුළුවන් හොඳම දේ තමයි හැකි තරම් අපේ රටේ දේවල්  මිලදී ගන්න එක. පිටරට අපේ මුදල් යවන එක වලක්වගන්න එක. ජාතිය හෝ ආගම මත නෙමෙයි, product එක ශ්‍රී ලාංකිකයෙක් ගේ නම් ඒක මිලදී ගන්න බලන්න. මොකද එතකොට ඔබේ මුදල් වලින් බහුතරය සංසරණය වෙන්නේ රට ඇතුලේ විතරයි.

ඉතින් මේ ඉන්දියාවේ චීන app තහනම ඉස්සරහට privacy කියල දැම්මට මේක රටවල් දෙක අතර අර්බුදය අතරේ, ඉන්දියාව චීනය මට්ටු කරන්න ගත් එක උපක්‍රමයක් විදිහටයි මම නම් දකින්නේ. හැබැයි මේකෙන් ඉන්දියාවට වුණ වාසිය තමයි ඉන්දියානුවෝ තමන්ගේ රටේ දේවල් මිලදී ගන්න, භාවිතා කරන රැල්ලක් පටන් ගත්ත එක.

A Serious Blog | රැඩිකල් සටහන්..: ඇයි ...

රැල්ලක් නොවුනත් හැකි හැම විටම ශ්‍රී ලාංකික නිෂ්පාදන පාවිච්චි කරන්න උත්සහ ගන්න යන්න අපේ යෝජනාවයි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara