චීනය විසින් නිෂ්පාදිත විශාලතම ප්රහාරක ගුවන් යානා ප්රවාහන Fujian නෞකාව දියඹට
පසුගිය ජූලි 17 වන දින CN Type 003 ලෙසින් හැඳින්වුණු චීනයේ තුන්වන ගුවන්යානා ප්රවාහන නෞකාව දියත් කරන ලදී.
මුලදී අනුමාන කෙරුණේ මෙය මේ වසරේ පෙබරවාරි හෝ මාර්තු මස දී දියත් කරණු ඇති බවටයි. පසුගිය සතියේ සිට මෙය නුදුරේදීම දියත් කරණු ඇති බවට අනාවැකි පළ විය. එය සනාථ කරමින් නෞකාව තැන්පත් කර තිබූ වියළි තටාකය අර්ධ වශයෙන් ජලයෙන් පුරවා ඇති අයුරු දැක්වෙන චන්ද්රිකා ඡායාරූප කිහිපයක් පෙරේදා දින අන්තර්ජාලයට මුදා හැර තිබුණි.
Fujian යනු නවීන ගුවන්යානා දියත් කිරීමේ CATOBAR පද්ධතියක් මෙන්ම විද්යුත් චුම්භක බලැති කැටපෝල් පද්ධතියක් භාවිතා කරන චීනයේ ප්රථම ගුවන් යානා ප්රවාහන නෞකාව ද වේ. එසේම එය එක්සත් ජනපදයෙන් පිටත ඉදිකළ පළමු සුපිරි විශාලතම ගුවන්යානා වාහකය වේ. මේ පිළිබඳව තොරතුරු අප විසින් ඔබට රැගෙන ආවා මතක ඇති. ඒ පිළිබඳව මේ ලිපියෙන් ඔබට කියවිය හැකියි.
Sources: The Drive Wikipedia