චීනය විසින් නිෂ්පාදිත විශාලතම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන Fujian නෞකාව දියඹ​ට

චීනය විසින් නිෂ්පාදිත විශාලතම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන Fujian නෞකාව දියඹ​ට

පසුගි​ය ජූලි 17 වන දින CN Type 003 ලෙසින් හැඳින්වුණු චීනයේ තුන්වන ගුවන්යානා ප්‍රවාහන නෞකාව දියත් කරන ලදී.

පෙරේදා දින ලබාගත් Fujian හි චන්ද්‍රිකා ඡායාරූප 

මුලදී අනුමාන කෙරුණේ මෙය මේ වසරේ පෙබරවාරි හෝ මාර්තු මස දී දියත් කරණු ඇති බවටයි. පසුගිය සතියේ සිට මෙය නුදුරේදීම දියත් කරණු ඇති බවට අනාවැකි පළ විය. එය සනාථ කරමින් නෞකාව තැන්පත් කර තිබූ වියළි තටාකය අර්ධ වශයෙන් ජලයෙන් පුරවා ඇති අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් පෙරේදා දින අන්තර්ජාලයට මුදා හැර තිබුණි.

Fujian යනු නවීන ගුවන්යානා දියත් කිරීමේ CATOBAR පද්ධතියක් මෙන්ම විද්‍යුත් චුම්භක බලැති කැටපෝල් පද්ධතියක් භාවිතා කරන චීනයේ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද වේ. එසේම එය එක්සත් ජනපදයෙන් පිටත ඉදිකළ පළමු සුපිරි විශාලතම ගුවන්යානා වාහකය වේ. මේ පිළිබඳව තොරතුරු අප විසින් ඔබට රැගෙන ආවා මතක ඇති. ඒ පිළිබඳව මේ ලිපියෙන් ඔබට කියවි​ය හැකියි.

Sources: The Drive Wikipedia

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara