5G වලට වඩා 100 ගුණයක වේගයක් 6G හරහා වාර්තා කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ​වේ

5G වලට වඩා 100 ගුණයක වේගයක් 6G හරහා වාර්තා කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ​වේ

South China Morning Postහි පලවී ඇති වාර්තාවකට අනුව චීනයේ විද්‍යාඥය​න් පිරිසක් විසින් දුරකතන සන්නිවේදන ක්ෂේස්ත්‍රයේ විශාල පිම්මක් පැනීමට සමත් වී තිබෙනවා. එම වාර්තාව අනු​ව චීනය විසින් තප්පරයට ගිගාබිට් 206.25ක වේගයෙන් radio transmission එකක් සිදු කරමින් ලෝකයේ වාර්තාගත දත්ත සම්ප්‍රේෂණ වේගයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. එම දත්ත සම්ප්‍රේෂන වේගය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ චීන​යේ 6G තාක්ෂණය පිළිබඳව පරීක්ෂණ කටයුතු කරමින් සිටි විද්‍යාඥයන් පිරිසක් විසිනි.

මෙම වේගය මේ වන විට ලොව පවතින 5G තාක්ෂණයේ උපරිම වේගය මෙන් 100 ගුණයක වේගයකි. මෙහි ඇති විශේෂත්වය වන්නෙ 5G තාක්ෂණය තවමත් මුළු ලොව පුරාම ප්‍රචලිත වී නැති වාතාවරණයක් යටතේදී පරීක්ෂණ මට්ටමේ පවතින 6G පරීක්ෂණ හරහා වාර්තා වීමයි.

තප්පරයට ගිගා බිට් 206.25ක වේගයක් යටතේ, පැය 59.5ක සම්පූර්ණ දර්ශන කාලයක් හිමි Marvel Cinematic Universe චිත්‍රපටි වල, තේරෙන භාෂාවෙන් කිව්වොත් MCU එකේ චිත්‍රපටි 4K මාදිලියෙන් බාගත කරගැනීමට යම් අයෙකුට වැය වන්නේ තප්පට 16ක් වැනි කුඩා කාලයක් පමණයි.

දකුණු කොරියාවේ වාර්තා වලට අනුව 6G සඳහා වන උපාංග 2030 වර්ෂයේදී වෙළඳපලට නිකුත් කිරීමට දකුණු කොරියාවට හැකියාව පවතින බව තහවුරු කර තිබෙනවා. යම් හෙයකින් 2030 වර්ෂය වන විට දකුණු කොරියාව පවසනවාක් මෙන් 6G උපාංග වෙළඳපලට නිකුත් කිරීමට සමත් වුවහොත් ලොව අඩුම කාලයක් පැවති දුරකතන සන්නිවේදන තාක්ෂණය ලෙස 5G තාක්ෂණය පත් වනු ඇත.

Source: News18

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna