ByteDance, LinkedIn, Microsoft සහ තවත් සේවාවන් කිහිපයක් අනවසරයෙන් පරිශීලක දත්ත එක් රැස් කරනා බවට චීනය චෝදනා කරයි

ByteDance, LinkedIn, Microsoft සහ තවත් සේවාවන් කිහිපයක් අනවසරයෙන් පරිශීලක දත්ත එක් රැස් කරනා බවට චීනය චෝදනා කරයි

චීනය විසින් TikTok, LinkedIn, Kuaishou, Microsoft’s Bing හා Kugou ආදි ජනප්‍රිය App කිහිපයක් පුද්ගලික දත්ත අනවසරයෙන් ලබා ගන්නා Apps ලෙස නම් කර තිබෙනවා. මේ Apps භාවිත කරන්නන්නේ පුද්ගලික දත්ත අනවසරයෙන් ලබා ගෙන එම පුද්ගලික දත්ත භාවිත කල බවට එම Apps වෙත Cyberspace Administration of China (CAC) විසින් චෝදනා කර තිබෙනවා.

ඔවුන් පල කර ඇති ප්‍රකාශයට අනුව එම Apps භාවිත කරන්නන්ගෙන් ලැබුණ පැමිණිලි හේතුවෙන් ඔවුන් විසින් ඒ පිළිබඳව පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විසින් Apps 105ක පමණ සංඛ්‍යාවක් පුද්ගලික දත්ත අනවසරයෙන් එකතු කිරිම සිදු කර ඇති බවත් ඒ මගින් Privacy Laws උල්ලංඝනය වි ඇති අතර ඒ ඒ Apps හිමිකාර සමාගම් විසින් දින 15ක් තුල මේ සදහා පිළිතුරු සැපයිය යුතු බවත් ඔවුන් විසින් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් චීනය විසින් ඔවුන්ගේ පුරවැසියන්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව නීතිරිති ශක්තිමත් කරමින් සිටින නිසා පසුගිය කාලයේදි Alibaba හා Tencent සමාගම්වලට දඩ මුදල් ද ගෙවිමට සිදු වුවා.

Source : Gizmochina, SCMP Reporters

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna