ChatGPT සදහා නැවතත් Bing Internet Browsing සේවාව රැගෙන එයි

Voice and Images පහසුකමත් සහිතව මින් පෙර Microsoft සමාගම හා එක්ව ලබා දී තිබූ ChatGPT with Bing: Internet Browsing සේවාව ඔවුන් නැවතත් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ChatGPT සදහා නැවතත් Bing Internet Browsing සේවාව රැගෙන එයි

OpenAI විසින් ඉදිරියේදී ChatGPT සදහා පැමිණීමට නියමිත වෙනස්කම් බොහොමයක් පිළිබද මේ වන විටත් නිවේදනය කර ඇති අතර එය පරිශීලකයන්ට හොද ප්‍රයෝජනවත් බවක් ලබා දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවද පවසා ඇත. එහිදී Voice and Images පහසුකමත් සහිතව මින් පෙර Microsoft සමාගම හා එක්ව ලබා දී තිබූ ChatGPT with Bing: Internet Browsing සේවාව ඔවුන් නැවතත් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

OpenAI හි නිල X ගිණුමෙහි ඔවුන් සටහනක් තබා තිබෙන්නේ ChatGPT සදහා නැවතත් Internet Browsing පහසුකම Bing හරහා ලබා දෙන බවයි. එසේම මින් පෙර ඔවුන් Bing හරහා ChatGPT සම්බන්ධ කර එය පුහුණු කර ඇති අතර ඒ වන විටදී දත්ත සදහා සීමිත ප්‍රවේශයක් පමණක් තිබෙන්නට විය. එහිදී ChatGPT දත්ත අවසන් වතාවට Bing හරහා සම්බන්ධ කර තිබුනේ 2021 සැප්තැම්බර් මාසයේදී ය.

නමුත් මේ වනවිට ඔවුන් පවසන ආකාරයට අනුව ChatGPT Bing හරහා වඩාත් ඵලදායී සහ වේගවත් ලෙස පුහුණු කර ඇති අතර ඔබ ChatGPT තුල ඉල්ලා සිටින සෑම දත්තයක්ම Bing Searching මගින් ද ඔබට සැපයීමට ඔවුන් සූදානමින් සිටින අතර එමඟින් කාලීන තොරතුරු මේ හරහා ලබා ගත හැකිවනවා.

ChatGPT Bing සමග ඒකාබද්ධ කිරීම ඔවුන් තාවකාලිකව නැවැත්වූයේ එහි Content Behind a Paywall හි දත්ත පෙන්වීමේ ගැටළුවක් ඇති වූ නිසා සහ එම සේවාව ඔවුන් නොනවත්වා ලබා දුන්නේ නම්, මේ වන විට OpenAI සමාගමට නඩු ඉතා විශාල ප්‍රමාණයක් ගොනුවී තිබෙනු ඇත. නමුත් මේ වන විට එම ගැටළුව විසදා ඇති නිසා නැවතත් Bing සමග ChatGPT ඒකාබද්ධ කිරීමට ඔවුන් සූදානමින් සිටී. එසේම පෙර පරිදි නොව ChatGPT යොදාගනිමින් පරිශීලකයන්ට අනවශ්‍ය ප්‍රයෝජන ගැනීමද පාලනය කර ඇති බව ඔවුන් පවසා තිබෙනවා.

ChatGPT, Bing හරහා ඒකාබද්ධව ලබා දෙන සේවාව සියලුම පරිශීලකයන්ට ඔවුන් ලබා දීමට සැරසෙන අතර එම සේවාව ඉතාමත් ඉක්මණින් දියත් කරන බවද OpenAI සමාගම ප්‍රකාශයට පත් කර තිබෙනවා.


මෙසේ ChatGPT සමඟ Bing ඒකාබද්ධ කිරීම OpenAI ගත් වටිනා තීරණයක් වන අතර ChatGPT  පරිශීලකයන්ට මෙය හොද ආරංචියක් බව නොඅනුමානය. ඉතින් රැදී සිටින්න, අප තාක්ෂණික ලෝකයේ නවතම පුවත් ඔබ සමීපයට ගෙන එන Android වැඩකාරයෝ සමගින්.

Source: xda-developers.comCover Image: uk.pcmag.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara