ChatGPT සේවාව ඉතාලිය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක් විසින් එරට භාවිතය තහනම් කරයි

පසුගියදා ඉතාලි රජය විසින් OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද Chatgpt සේවාව භාවිතය තාවකාලික වශයෙන් තම රට තුල සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. මේත් සමඟ Chatgpt සේවාව වාරණයකට ලක් කල පළමු බටහිර රට බවට ඉතාලිය පත්වුණා.

ChatGPT සේවාව ඉතාලිය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක් විසින් එරට භාවිතය තහනම් කරයි

පසුගියදා ඉතාලි රජය විසින් OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද Chatgpt සේවාව භාවිතය තාවකාලික වශයෙන් තම රට තුල සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. මේත් සමඟ Chatgpt සේවාව වාරණයකට ලක් කල පළමු බටහිර රට බවට ඉතාලිය පත්වුණා.


වර්තමානය වෙද්දි මේ බොහෝ දෙනෙකුට මෙම Chatgpt සෙවාව එදිනෙදා ජිවිතය තුළදි නැතුවම බැරි අංගයක් බවට පත්වි අවසන්. නමුත් මෙවැනි පසුබිමක Chatgpt ගැන ලොව පුරා විවිධ දෙසින් ඇසෙන තොරතුරුනම් එතරම් සුභදායි දේවල් නම් නෙවෙයි.

මෙවැනි පසු බිමක තමයි Chatgpt සේවාව නිසා පෞද්ගලිකත්වය පිළිබඳව ගැටලු ඇතිවි තිබෙන බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් පවසන්න්නේ. ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා ඉතාලි රජය අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව ඉතාලිය තුළ Chatgpt සේවාව මාර්තු 31වන දින සිට තාවකාලික වශයෙන් භාවිතය තහනම් කිරීමට කටයුතු කළ බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරනු ලැබුවා.

ChatGPT සේවාවට පිවිසිය නොහැකි ලෙස අවහිර කර ඇති අයුරු
ChatGPT සේවාවට පිවිසිය නොහැකි ලෙස අවහිර කර ඇති අයුරු

Credit Card වර්ග, Credit Card කල් ඉකුත් වීමේ දින සහ Credit Cards වල අවසන් අංක හතර යන දත්ත මෙලෙස අනාරක්ෂිත දත්ත ලෙස ඉතාලි රජය හඳුන්වා දී තිබෙනවා. මේ අනුව ඉතාලි රජය විසින් Open Ai CEO වන Chief Executive Sam Altman හට දන්වා ඇත්තෙ දින 20ක කාලයක් ඇතුලත මෙ සඳහා Counter Evidence ඉදිරිපත් කිරීමට අපොහොසත් උවහොත් OpenAI සමාගම වෙත Euro මිලියන විස්සක් (20mn) හෝ ඊට වැඩි අගයක දඩ මුදලක් OpenAI සමාගම වෙත පනවන බවයි.

මීට අමතරව ඔවුන් දැඩි ලෙස පෙන්වා දෙන්නෙ මෙම Chatgpt සේවාව භවිතා කරන පරිශීලකයන් වයසින් කුඩා අයද ලොකු අයද යන කාරණය පිළිබඳව කිසිඳු සොයා බැලීමක් හෝ තහවුරු කර ගැනීමක් සිදුනොවන බැවින් කුඩා දරුවන් විසින් අනිසි ලෙස තම අධ්‍යාපන කටයුතු සඳහා යොදාගැනීමෙන් පාසල් කටයුතු සඳහා විශාල බලපෑම් රාශියක් අනාගතයේදි එල්ල විය හැකි බවයි.

මීට අමතරව අද දින BBC පුවත් සේවය මගින් පළකර තිබු ලිපියක සඳහන්ව තිබුනේ චීනය, ඉරානය, කොරියාව සග රුසියාව යන රටවල් විසින්ද මෙම Chatgpt සේවාව තහනම් කර ඇති බවයි. තවද Financial Times විසින් පළකර තිබු ලිපියක සඳහන්ව තිබුනෙ Modern AI Methods වල දැවැන්තයන් ලෙස සැලකෙන Elon Musk හා Yoshua Bongio විසින්ද මෑතකදි එළිදැක්වූ කළ GPT-4ට වඩා දියුණූ AI System එක සංවර්ධනය කිරිම සඳහා මාස හයක විරාමයක් ඉල්ලා ඇත්තේ මෙමගින් සමාජය වෙත එල්ල විය හැකි ප්‍රධාන ගැටලු පෙන්වා දෙමිනුයි.

හොඳම හා වඩාත් ආරක්ෂාකාරිම AI එක සංවර්ධනය කිරිම සඳහා Google සමාගම හා Open AI සමාගම අතර සීතල යුද්දයක් ඇතිවි තිබෙන මෙවැනි මොහොතක මෙය Google සමාගම සඳහා ඉතාමත් වාසිදායක සිදුවීමක් වනවා. කෙසේ නමුත් මෙ Chatgpt සේවාව හරියට භාවිත කරන කෙනෙකුට මෙය මුදල් ඉපැයිය හැකි මාර්ගයක් ද වන අතර එදිනෙදා ජීවිතයේ සාමනය දෙයක් සොයා ගැනීම සඳහා භාවිත කරන සාමාන්‍ය කෙනෙකුට නම් මෙය තවත් Google, Bing, Yahoo, Yandex, Baidu වැනි නිකන්ම නිකන් Search Engine එකක් පමණි.

Sources: bbc.com ft.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara