Huawei සමාගමෙන් වෙන් වීමෙන් පසු Honor නව මාවතකට; Google සේවාන්ගේ සහය ලැබෙනු ඇතැයි වාර්තාවේ

Huawei සමාගම විසින් දක්වා තිබෙනවා දැන් ඔවුන් සතුව Honor Smartphone වල කිසිදු සේවාවක් නොපවතින බව.

Huawei සමාගමෙන් වෙන් වීමෙන් පසු Honor නව මාවතකට; Google සේවාන්ගේ සහය ලැබෙනු ඇතැයි වාර්තාවේ

Huawei සමාගම විසින් ඔවුන්ගේ Honor Smartphone සන්නාම නාමය Zhixin සමාගම වෙත අලෙවි කිරිමට කටයුතු කල බවට තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා. ඒ අනුව දැන් Honor Smartphone සන්නාමය විසින් ඔවුන්ගේම පාරක ගමන් කරනු ඇති බව අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම Huawei සමාගම විසින් දක්වා තිබෙනවා දැන් ඔවුන් සතුව Honor Smartphone වල කිසිදු සේවාවක් නොපවතින බව, එනම් එය ඔවුන්ගේ ව්‍යාපාරයක් නොවන බවයි.

ඒ වගේම Honorහි පවතින Devices සදහා අවශ්‍ය Security updates හා After-sales service Honor විසින්ම ලබා දෙන බවත් Zhixin සමාගම දක්වා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදි අපිට Xiaomi හා Redmi සමාගම් සිදු කරන ආකාරයටම ඔවුන්ගේ Technologies Share කරමින් Huawei හා Honor සමාගම් ඔවුන්ගේ ඉදිරි නිෂ්පාදන වෙළදපොලට ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම Honor සන්නාමය මෙලෙස Huawei සමාගම තුලින් ඉවත් විම නිසා Huawei සමාගමට ඇති ඇමරිකානු සම්බාධකවල බලපැමත් ඉවත් වි යනවා. ඒ නිසා අපිට ඉදිරි Honor Smartphonesවල පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

01. Google Mobile Services නැවත ලැබිම

පසුගිය කාලයේදි නිකුත් වු Huawei Devices සදහා Google Mobile Services නොලැබුණු බව අපි දන්නා කරැණක්. ඒ අනුව ඔවුන් මේ වන විට ඔවුන්ගේම OS එකක් වන HarmonyOS එක එළිදැක්වීමට පවා සුදානමින් සිටිනවා. කෙසේ වෙතත් Honor සන්නාමය විසින් Huawei සමාගමෙන් වෙන් විම නිසා ඉදිරියේදි ඔවුන්ගේ Smartphone Google Mobile Services සහිතව Global Market එක සදහා නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

02. නව UI හෝ UX Design එකක්

Honor smartphone සමග මෙතෙක් ලබා දුන් Android Skin එක වෙන්නේ Magic UI Skin එකයි. මෙය Huawei EMUI සමග සමිප සම්බන්ධතාවක් පැවතු UI එකක් කියන්න පුළුවන්. Huawei සමාගමෙන් වෙන් විට නිසා ඔවුන් විසින් මේ Android Skin එක වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ අනුව EMUI එකට සමානකම් ඇති මේ Magic UI Skin එක ඉදිරියේදි Redesign විමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මෙය Rebadge විමක් එහාට ගොස් Vivo සමාගමේ OriginOS එක මෙන් අලුත්ම Android Skin එකක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

03. Snapdragon-powered Honor Phones

ඇමරිකානු සම්බන්ධ නිසා Huawei සමාගම විසින් ඔවුන්ගේ Kirin processorsවලින් යුතු Smartphone නිකුත් කිරිම සිදු කරනු ලැබුවා. එමෙන්ම Honor Smartphoneවලත් පැවතියේ‌‌Kirin processors වෙනවා. එමෙන්ම පසුගිය දිනක Qualcomm සමාගම විසින් ඔවුන්ගේ 4G Chipset Huawei සමාගම වෙත සැපයිමට අවසර ලබා ගනු ලැබුවා.

හැබැයි Honor සන්නාමයේ නව හිමිකාරිත්වයත් සමග ඔවුන්ට Chipset ලබා ගැනිම පිළිබඳව කිසිදු බාධාවක් ඇති නොවනු ඇත. එම නිසා අපිට ඉදිරි Honor Smartphone සදහා Snapdragon 4G හා 5G processors භාවිත වෙන ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව Snapdragon 720G හා Snapdragon 765G Chipsetවලින් බලගැන්වෙන Smartphone බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ අනුව ඉදිරි Honor Smartphoneවල පැහැදිලි වෙනස්කමක් දැන් පවතිනවා Honor Smartphoneවලට සාපේක්ෂව බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වෙනස්කම් සිදු වි නව Honor Smartphone එකක් එළිදැක්වීමට ටික කලක් ගත වෙන ඇති. ඒ මගින් Honor නිෂ්පාදනවලට වෙළදපොල තුල හොද අලෙවියක් ලැබෙනු ඇතැයි ඉදිරියේදි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna