ඉන්ධන ඇති තැන් හා ඉන්ධන වර්ග තිබේදැයි දැනගන්න ඉන්ධන තොරතුරු කළමණාකරණ පද්ධතියක් එලිදක්ව​යි

ඉන්ධන ඇති තැන් හා ඉන්ධන වර්ග  තිබේදැයි දැනගන්න ඉන්ධන තොරතුරු කළමණාකරණ පද්ධතියක් එලිදක්ව​යි

ශ්‍රී ලංකාව පුරාම ඉන්ධන තිබෙන ඉන්ධන පිරවුම්හල් සහ ඒවාගේ තිබෙන ඉන්ධන වර්ගයන් පිළිබඳ තොරතුරු මහජනතාවට ඉතා පහසුවෙන් ලබා ගැනිම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ), ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්ව ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය දියත් කර තිබෙනවා.

මේ ඔස්සේ පාරිභෝගිකයන්ට කිසිදු අපහසුවකින් තොරව තමන්ට ආසන්නතම ඉන්ධන තොග සහිත ඉන්ධන පිරවුම්හල මගින් ඉන්ධන ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා. ඒ සදහා කළ යුත්තේ fuel.gov.lk වෙබ් අඩවියට පිවිස ඔබගේ පළාත, දිස්ත්‍රික්කය, නගර හා ඔබට අවශ්‍ය ඉන්ධන වර්ගය තෝරා Search කිරිමයි.

ඉන් පසුව ඔබට ඔබ නගරය ආසන්නයේ පවතින ඉන්ධන පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වෙනවා. ඒ අනුව ඔබට අවශ්‍ය ඉන්ධන වර්ගය තිබේද, නැද්ද යන්න සහ මීලග ඉන්ධන තොගය එම පිරවුම්හල වෙත ලැබිමට නියමිත දිනය හා වේලාව පිළිබඳව තොරතුරු ලබා ගත හැකි වෙනවා.

මෙම වෙබ් අඩවියේ පවතින දත්ත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) මගින් සෑම දිනකම උදැසන 09.00 ට යාවත්කාලීන කරනු ලබනවා.

Source : ICTA

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara