න​ව Nothing දුරකතනයක් නිකුත් කිරීමට තවමත් අදහසක් නැති බ​ව Carl Pei පවස​යි

න​ව Nothing දුරකතනයක් නිකුත් කිරීමට තවමත් අදහසක් නැති බ​ව Carl Pei පවස​යි

OnePlus සමාගමෙහි හි සම නිර්මාතෘවරයෙකු වන Carl Pei විසින් Nothing සමාගම ආරම්භ කල අතර Nothing Phone (1) යනු දැනට mid-range එකේ පවතින Smart Phone එකක්.

Carl Pei සදහන් කල ආකාරයට Nothing සමාගම ඇමෙරිකාවේ තවත් සමාගමක් සමග එකතු වී අනාගත නිෂ්පදනයක් නිකුත් කිරීමට සූදානම් වන බවක් පෙනී යනවා. කෙසේ වෙතත් එය දුරකථනයක්ද නැද්ද යන බව ඔහු විසින් තහවුරු කර නොමැත. තවද එය Apple සමඟ තරඟ කිරීමට පවා සුදානම් වන බව Gen Z හී සිදුකළ සාකච්ඡා තුළින් හෙළිදරව් විය.

Pei පවසන්නේ මෙය නියත වශයෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සඳහා හොද වෙළඳපොළක් ලබා දෙන බවයි. තවද Smartphone එකක් නිකුත් කළහොත්, වෙළදාමේ සැලකිය යුතු වර්ධනයක් ලබා ගත හැකි බවද Pei විශ්වාස කරනවා. කෙසේවෙතත් 2022 වර්ෂයේ දී එහි ආදායම සැලකිය යුතු ලෙස වැඩි නොවනු ඇතැයි සියල්ලන් අපේක්ෂා කරයි.

Carl Pei on Twitter

Carl Pei විසින් ඔහුගේ Twitter ගිණුමෙහි සටහනක් තබමින් තහවුරු කළේ phone (2) ඉදිරි දිනයකදී දියත් නොකරන බවත් ඔවුන්ගේ වෙනත් නිෂ්පාදන වෙළදපොලෙන් ඉවත් නොකරනු ඇති බවත්ය.

අවසාන වශයෙන් Pei සදහන් කර සිටියේ ඔවුන්ගේ දැනට පවතින phone (1) සදහා සමාගමේ අවධානය දිගටම යොමු කරන බවත් ඒ සදහා Android 13 සමගින් නව යාවත්කාලීන කිරීම් ලබා දෙන බවත්ය.

Source: gsmarena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna