Android ජංගම දුරකතන සඳහා වන call recording පහසුකම ඉවත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Android ජංගම දුරකතන සඳහා වන call recording පහසුකම ඉවත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Android OS එක සදහා දිර්ඝ කාලයක සිටම Call Recording පහසුකම ලබා දී තිබෙන බව අප සැම දන්නා කරැණක්. එමෙන්ම iOS එක සදහා තවමත් Apple සමාගම විසින් Call Recording පහසුකම ලබා දී නොතිබෙන අතර ඔවුන් විසින් ඉදිරි අනාගතයේදී හෝ මෙම පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක්කේ ඔවුන් විසින් පෞද්ගලිකත්වය පිළිබඳ වඩාත් සැලකිළිමත් වෙන නිසායි. එමෙන්ම iOS සදහා Android OS එකේ මෙන්ම 3rd Party App එකක් භාවිතයෙන් හෝ Call Recording පහසුකම අත්විදිය නොහැකි වෙනවා

කෙසේ වෙතත් වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව ඉදිරියේදි Android OS එක සදහාත් මෙම Call Recording පහසුකම අහිමිවි යන බව දක්වන්න පුලුවන්. පසුගිය මැයි 11 වෙනිදා Google සමාගම විසින් ඔවුන්ගේ Google Play Store Policy එකේ වෙනස්කම් කිහිපයක් සිදු කළ අතර ඒ මගින් Google Play Store හි පවතින Call Recording Apps සදහා සැලකිය යුතු බලපෑමක් ඇති කැනු ලබන බව කියන්න පුලුවන්.

Google Play Store policy එකේ සිදු වෙන මෙම වෙනස්කම්වලට අනුව Accessibility API එක⁣ට Remote Call Audio Recording සදහා තවදුරටත් Request කළ නොහැකි වෙනවා. ඒ අනුව ඉදිරියේදි Call Recording Apps මගින් Call Recording පහසුකම ලබා ගැනිමට නොහැකි වෙනවා.

කෙසේ වෙතත් Android Devices එකේ Dialer එක මගින් Call Recording පහසුකම ලබා දී ඇති නම් ඒ ඔස්සේ Call Recording කිරිමේ හැකියාව ලැබෙනවා. එනම් Pre Loaded ලෙස Device එකට පැමිණෙන Call Recording App හෝ Feature මගින් Call Recording කිරිමට කිසිදු බාධාවක් සිදු වෙන්නේ නැ.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna