ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපනය කිරීම වු යෝජනාවට අනුමැතිය ලැබුණ බව පසුගිය දා (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරුණා.

මෙලෙස ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණ යෝජනාවට අනුමැතිය ලැබි තිබෙනවා.

ඒ අනුව මේ සඳහා පත්කර කමිටුවේ නිර්දේශ අනුව 2024-2030 අතර කාලය සඳහා යොදා ගැනීමට සුදුසු බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සඳහා පුද්ගලික අයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ලබා ගැනීමට නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ජාතික විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා සුදුසු බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ස්‍තාපනය වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.news19.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna