අවසන් ගමන් යන ලංකාවේ උන්මාදය - BMW i8

අවසන් ගමන් යන ලංකාවේ උන්මාදය - BMW i8

අද අපි කතා කරන මේ BMW i8 රථය ලංකාවේ උන්මාදයක් වුන මෝටර් රථයක් කිව්වොත් නිවැරදියි.ඇත්තටම මං හිතන විදිහට ලංකාවේ මේ i8 ට්‍රෙන්ඩ් එක හැදුනෙ Software Engineersලා සහ Online Entrepreneur ලා නිසා.

Fact: ඇත්තෙන්ම i8 එක ලංකාවේදී අවම මුදලකට ගන්න පුලුවන් ස්පෝර්ට් කාර් එකක් කිව්වොත් නිවැරදියි. BMW i8 එක රුපියල් මිලියන 17-25 ත් අතර පරාසයක පවතිනවා.

උපත

BMW i8 රථය මුල් වරට විකිණීම ආරම්භ කරනු ලැබුවේ 2013දී ජර්මනියේ පැවති ජ්‍යාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයෙන් පසුවය.

අන්තර්ගතයන්

BMW i8 යනු BMW සමාගම විසින් නිපදවනු ලබන Plug-in hybrid(පිටතින් ආරෝපණය කල හැකි බැටරියකින් සහ ඉන්ධන මගින් පණ ලබන) ක්‍රීඩා කාණ්ඩයේ(Sports car) මෝටර් රථයකි.මෙය දොර 2කින් යුක්ත වන අතර i8 සාමාන්‍ය මාදිලියේ ආසන 4ක් ඇත.ආසන 2+2 ආකාරයට නිර්මාණය කර ඇත.(ඉදිරිපස ආසන නවා පසුපස ආසන වලට ඇතුළුවිය හැක) i8 රථය BMW සමාගමේ Project i යටතේ නිෂ්පාදනය කරනු ලබන්නක් වන අතර මෙහි ඇති වඩාත්ම සිත් ඇදගන්නාසුලු දෙය වන්නේ සමනළයෙකුගේ පියාපත් මෙන් ඉහළට විවෘත වන දොර පියන් ය(Butterfly doors).

මෙහි ප්‍රධාන වශයෙන් Drive Module සහ Life Model ලෙස කොටස් 2ක් ඇත.

  • Drive Model - මෙයට චැසිය,එන්ජිම සහ ඩ්‍රයිව් ට්‍රෙයින් එක සම්බන්ධ වේ.
  • Life Model - මෙයට පැසෙන්ජර් කම්පාට්මන්ට් එක සම්බන්ධ වේ.

බලය

I8 රථයට බලය සපයනුයේ මෙහි ඉදිරිපස ඇති ඉලෙක්ට්‍රික් මෝටරයෙන් සහ පිටුපස ඇති පෙට්‍රල් එන්ජිම මගිනි.(මෙම කොටස් 2කම සාමාන්‍ය පුද්ගලයන්ට විවෘත කල නොහැකි ලෙස වසා ඇත.නඩත්තු කටයුතු සඳහා අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් ගරාජයක් වෙත රැගෙන යා යුතුය.)මෙම 1.5L ද්විත්ව-ටර්බෝචාජ් සිලින්ඩර 3ක පෙට්‍රල් එන්ජිම මගින් 231hp නිපදවන අතර එය වේග 6ක ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධතියකට සම්බන්ධ කර ඇත.(6-speed automatic transmission) මෙහි ඇති ඉලෙක්ට්‍රික් මෝටරය මගින් 131hp නිපදවීමට සමත්ය. මෙම ඉලෙක්ට්‍රික් මෝටරය වේග 2ක සම්ප්‍රේෂණ පද්ධතියකට සම්බන්ධ කර ඇත.(2-speed transmission)

I8 රථයට 0-100km/h දක්වා ළඟා වීමට ගත වන කාලය 4.4s ක් වන අතර උපරිම වේගය 250km/h පමණ වේ.

BMW i8 Engine

ගමන් කල හැකි දුර

මෙහි ඇති 7.1kWh ලිතියම් අයන් බැටරිය මගින් 35km ක දුරක් ගමන් කල හැකි අතර පෙට්‍රල් එන්ජිමේ ඉන්ධන කාර්යක්ෂමතාවය වන්නේ ලීටරයකට කිලෝමීටර 20ක් පමණ වේ.

රෝඩ්ස්ටර් මාදිලිය

i8 Roadster

BMW i8 Spyder සංකල්පය 2012 බීජිං ඔටෝ ප්‍රදර්ශනයේදී එළිදක්වන ලදී. 2016 ඔක්තෝම්බර් මාසයේදී BMW විසින් රොඩ්ස්ටර් මාදිලිය 2018 දී BMW i පෙළට එක් කරන බව නිවේදනය කළේය. i8 Roadster මාදිලියේ බැටරි ධාරිතාව 11.6 kWh දක්වා වැඩි කර ඇති අතර වාහනයට ඇත්තේ ආසන 2 ක් පමණි.මෙහි විවෘත කල හැකි වහලයක්ද ඇත.(soft-roof)

ආරක්ෂාව

මෙයට එයාර් බෑග් 8ක් ඇති අතර තවම i8 රථය Euro NCAP safety authority මගින් පරික්ෂා කර නොමැත.

විපත

කෙසේ වෙතත් BMW සමාගම 2020 වසරේ අප්‍රේල් 20 වැනිදා සිට මෙම BMW i8 රථ මාදිලියේ නිෂ්පාදන කටයුතු නතර කිරීමට තීරණය කර ඇත.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara