Twitterයේ උපත සිදුවූ ආකාරය

Twitterයේ උපත සිදුවූ ආකාරය

Twitter යන නම ඇසු පමණින් මතකයට එන්නේ ” එතුමා තම නිල Twitter ගිණුමේ Twitter පණිවිඩයක් නිකුත් කිරීමින් දැනුම් දුන්නේය” යන මේ වදනයි. Twitter යනු අද වන විට ඉතා ජනප්‍රිය සහ විශ්වාසදායි සමාජජාල අඩවියකි. ඔබ Twitter ආරම්භ වූ ආකාර පිළිබදව දැනුමක් නැති වන්නට පුළුවන් එහෙනම් අද අපි Twitter වල උපත සිදු වූ හැටි බලමු.

SMS නැත්නම් Short Message Service යන්න ජංගම දුරකථනවල ජනප්‍රිය ම අංගයක් බව ලොකු පොඩි අපි සියල්ල දැනුවත් ය. 2006 දී ජැක් ඩෝසි නැමැත්තෙක් odeo නම් පොඩ්කාස්ටික් සමාගමක සේවය කරන අතරතුර සාම්ප්‍රදායික SMS සේවාවෙන් ඔබ්බට තම සිත මෙහෙයවුයේ ය. එනම් අන්තර්ජාලය හරහා තම සේවා ස්ථානයේ මිතුරු මිතුරියන් සමග කෙටි පණිවිඩ හුවමාරු කර ගත හැකි ක්‍රමයක් පිලිබඳ හෙතෙම සිතා බැලුවේ ය.

මේ සිතිවිල්ල සැබෑවක් කිරීමේ පලමු පියවර ලෙස ඔහු සිය සටහන් පොතේ ආකෘතියක් සටහන් කලේ ය. ඉන්පසුව එය develop කර සිය ආයතනයේ මිතුරන් 7 දෙනෙකු වෙත කෙටි පණිවිඩයක් යැව්වේ ය. එය ලොව පලමු අන්තර්ජාල කෙටි පණිවිඩය වූ අතර ඉන් කියවුනේ “Just setting up my twitter” ලෙසයි. ඉන්පසුව odeo සමාගමේ සිය සගයන් අතර පර්යේෂණ මට්ටමින් දිනකට අන්තර්ජාල කෙටි පණිවිඩ 30-40 හුවමාරු කරමින් එහි සාර්ථකත්වය අත්හදා බැලීය.

මෙලෙසින් ආරම්භ වූ මෙම නව සේවාවේ පුරෝගමීන් වූ සියලු දෙනාම odeo සමාගමේ අය වූහ. ඊවන් විලියම්ස්, නොමා ග්ලාස්, බිස් ස්ටෝන්, ජැක් ඩෝසි යන සිව් දෙනා එක්ව 2006 ජූලි 15 වැනිදා නිල වශයෙන් මෙම සේවය ලෝකයට විවෘත කරන ලදී. ඊවන් විලියම්ස් මුල්වරට ”twitter” යන අකුරු 5 නම මෙයට යෝජනා කලේය. පසු කලෙක එය “twitter” ලෙස වෙනස් කර ප්‍රසිද්ධ කලේය. මෙලෙසින් ආරම්භ වූ සේවයේ මූලස්ථානය ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටා ඇත.

එලෙසින් ආරම්භ වූ twitter සේවාව වර්තමානය වන විට දිනකට මිලියන 200කටත් වඩා වැඩි අන්තර්ජාල පණිවිඩ ප්‍රමාණයක් හසුරුවන එසේම වාර්ෂික වෙළඳ දැන්වීම්වලින් ඩොලර් මිලියන 400ක ආදායමක් ලබන දැවැන්ත සමාගමක් බවට පත්වේ යැයි එකල ජැක් ඩෝසි නොසිතන්නට ඇත.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna