2022 වර්ෂයේ අවසානය වන විටදී ලොව මුළුමනින්ම යථා තත්වයට පත්වන බව Bill Gates කියයි

කොරනා වසංගතය ඇරඹුණු සමයේත්, එය පරදවන අයුරු ඔහු ප්‍රකාශ කළා.

2022 වර්ෂයේ අවසානය වන විටදී ලොව මුළුමනින්ම යථා තත්වයට පත්වන බව Bill Gates කියයි

Microsoft හිටපු සභාපති මේ බව කියා සිටියේ පෝලන්ත පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්චාවකට එක්වෙමින්. "මෙය විශාල ඛේදවාචකයක්" බව සඳහන් කළ ඔහු, එකම පිළියම එන්නත්කරණය බවත් ප්‍රකාශ කර සිටියා.

"2022 වසර අවසාන වන විට නම් අපට පෙර පවතී සාමාන්‍ය තත්ත්වයට පැමිණිය හැකි" යයි ඔහු සඳහන් කළ බව වාර්තා වනවා.

කොරෝනා රැල්ලේ ආරම්භක දිනවල Gates විසින් එය පරදවන ආකාරය ගැන කියූ ලිපියකුත් අප ඔබ වෙත ගෙන ආවා.

Bill Gates ගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් වැය කොට පිහිටුවා ඇති Bill and Melinda Gates පදනමෙන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.75කට වඩා වැඩි මුදලක් කොවිඩ් මර්ධනය සඳහා පරිත්‍යාග කර ඇති බව සඳහන් වනවා.

ඒ සියල්ල එන්නත් හා පරීක්ෂණ, ප්‍රතිකාර සඳහා සහය දැක්වීම සඳහා යොදවා තිබෙන අතර WHO සහ GAVI ආයතන මගින් 2021 අවසාන වන විට අඩු ආදායම් රටවල් සඳහා එන්නත් මාත්‍රා බිලියන 2ක් වෙන්කර තැබීමටත් නියමිතයි.

Source: Reuters

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara