කොරෝනා වයිරසය පරදන හැටි Bill Gates කියයි

මෙමස 23 දින blog සටහනකින් මෙම වසංගතය පරදන ආකාරය ගැන Bill Gates සඳහන් කළා.

කොරෝනා වයිරසය පරදන හැටි Bill Gates කියයි

කොරෝනා වයිරස් අවධානම ඉහළ යන්න පටන්ගත්ත මුල් කාලයේ Bill Gates ගේ නම කරළියට ආවා ඔබට මතක ඇති.

ඒ 2015 දී ඔහු TED talks වැඩසටහනකදී කළ දේශනයක, 'අප ඉදිරියේ දී මුහුණ දෙන විශාලම අභියෝගය ලෝක යුද්ධයක් නොව, ඉබෝලා වැනි ලෝක ව්‍යාප්ත දරුණු වසංගත තත්වයක් විය හැකි' බව ප්‍රකාශ කළ වීඩියෝව නැවත සමාජ හා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ බැවින්.

එම වීඩියෝව 

ඒ අතර මෙමස 23 දා  (2020.04.23 දින) නැවත ඔහුගේ බ්ලොග් අඩවියේ "Pandemic I: The First Modern Pandemic" යන ශීර්ෂයෙන් යුතුව තරමක් දීර්ඝ ලිපියකින්, 'කොරෝනා වයිරසය පරදා නැවත සුපුරුදු ජිවිතයට අනුගත වීමට අප ගතයුතු ක්‍රියාමාර්ග' ගැන ඔහු සඳහන් කරනවා.

(සම්පුර්ණ ලිපිය ඔබට මෙතනින් ලබා ගන්න පුළුවන්).

මෙම උවදුරින් ගැලවීමට නම් ක්ෂේත්‍ර 5කින් ලෝකය නවෝත්පාදනය විය යුතු බව ඔහුගේ යෝජනාවයි. එම ක්ෂේත්‍ර 5 නම්,

  1. ප්‍රතිකාර. (Treatments)
  2. එන්නත්. (Vaccines)
  3. අත්හදාබැලීම්/පර්යේෂණ. (Testing)
  4. සම්බන්ධතා ගවේෂණය. (Contact Tracing)
  5. ආර්ථිකය යළි නගාසිටුවීමේ ප්‍රතිපත්ති. (Policies for Reopening the Economy)

මෙහි සඳහන් කළ ඇතැම් ක්ෂේත්‍ර වල විවිධ පර්යේෂණ සඳහා Gates බොහෝ කාලයක පටන් දායක වෙනවා. විශේෂයෙන් 2000 වසරේදී ආරම්භ කල Bill & Melinda Gates පදනමෙන් (අප්‍රිකානු කලාපය මුලික කරගත්) එන්නත් පර්යේෂණය සඳහා විශාල සේවාවක් සිදුකරනවා. මේ වන විට තම ධනයෙන් ඩොලර් බිලියන 38ක් ඒ සඳහා වෙන් කර තිබෙන අතර, මෑතකදී කොරෝනා වයිරස එන්නතක් සෑදීම ම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතියක් ද ඔහු දියත් කරනු ලැබුවා.

අප්‍රිකානු කලාපයේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට Bill & Melinda Gates පදනම විශාල උත්සහයක් දරනවා. Image: CNN 

"කොරෝනා වසංගතය මුළු මානව සංහතියම වයිරසයක් ඉදිරිපිට දැනගස්වනු ලැබුවා. මෙයත් ලෝක යුද්ධයක් වගේ තමයි. එකම වෙනස මේපාර අපි ඔක්කොම එකම පැත්තේ," යි ඔහු කියා සිටිනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara