EA Gamesහි Battlefield පරිගණක ක්‍රීඩාවේ ජංගම දුරකතන සඳහා වන beta සංස්කරණය එලිදක්වයි

EA Gamesහි Battlefield පරිගණක ක්‍රීඩාවේ ජංගම දුරකතන සඳහා වන beta සංස්කරණය එලිදක්වයි

මෙම වසරේ මුලදී EA Sports සමාගම විසින් නිවේදනය කර සිටියේ ඔවුන් විසින් නිර්මාණය කරන ලොව ප්‍රචලිත පරිගණක ක්‍රීඩාවක් වන Battlefieldහි ජංගම දුරකතන සඳහා වන සංස්කරණයක් ඔවුන්ගේ මීලඟ ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස නිකුත් කිරීමට බලපොරොත්තු වන බවයි.

ඒ අනුව ඔවුන් විසින් මුලින්ම Android මෙහෙයුම් පද්ධතිය මඟින් බල ගැන්වෙන ජංගම දුරකතන සඳහා මුලින්ම මෙම Battlefield Mobile ක්‍රීඩාව නුදුරේදීම ලබා දීමට සූදානම්ව සිටින බව වාර්තා වෙනවා. ආරම්භයක් ලෙස මෙහි beta සංස්කරණය නිකුත් කිරීමට නියමිත අතර ඒ සඳහා ඔවුන් විසින් තෝරාගෙන ඇත්තේ ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල වෙසෙන Android මෙහෙයුම් පද්ධතිය හරහා බලගැන්වෙන ජංගම දුරකතන භාවිතා කරන පරිශීලකයන්‍ වන අතර මෙහි stable සංස්කරණය නිකුත් කිරීමේදී beta සංස්කරණය සමඟ සම්බන්ධ වී ක්‍රීඩා කල අයගේ සියළුම තරඟ වාර්තා මකා දමා මුල සිට ආරම්භ කිරීමේ සාධාරණ පිලිවෙතක් අනුගමනය කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

EA Games ප්‍රකාශ කර සිටින ආකාරයට Battlefield ජංගම දුරකතන ක්‍රීඩාව free-to-play ආකාරයේ ක්‍රීඩාවක් වන අතර ඔබට ක්‍රීඩාව තුලදී Battle passes, ඇඳුම්, සහ අනෙකුත් දෑ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

Battlefield Mobile beta සංස්කරණය Android 7.0 හෝ ඊට ඉහළ සංස්කරණයන් සඳහා සහය දක්වන අතර beta සංස්කරණය මඟින් මුලින්ම Grand Bazaar සිතියම සහ Conquest ක්‍රීඩා මාදිලිය ක්‍රීඩා කිරීමට ලබා දීමට නියමිතයි.

මේ වන විටත් Battlefield Mobile සඳහා pre-registration භාරගන්නා අතර ඒ සඳහා පිවිසීමට පහසුකම් සලසා ඇත්තේ මේ වන beta සංස්කරණය නිකුත් කර ඇති රටවලට පමණි.

Pre-Register Battlefield Mobile on Play Store

Sources: Engadget, EA Games

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna