ඔයත් Photography වලට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? මෙන්න දැනගත යුතුම දේවල් 6ක්

Photography වලදි භාවිත වන MP Count, ISO, Shutter Speed, Aperture, Exposure සහ Depth of Field වගේ වචන මොනවද, මේවා මොනවගේ අවස්ථාවලදි ද භාවිතා කරන්න පුළුවන් කියන එක ගැන සරල පැහැදිලි කිරීමක් ඔයාලට ගන්න පුලුවන් වෙයි.

ඔයත් Photography වලට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? මෙන්න දැනගත යුතුම දේවල් 6ක්

Photography වලදි භාවිත වන MP Count, ISO, Shutter Speed, Aperture, Exposure සහ Depth of Field වගේ දේවල් ගැන ඔයාලා මොනවද දන්නේ?

මේ වචන ගැන ලොකු අවබෝධයක් නැති උනාට ගැටලුවක් නැ. අද මේ ලිපියෙන් මේ වචන මොනවද, මේවා මොනවගේ අවස්ථාවලදි ද භාවිතා කරන්න පුළුවන් කියන එක ගැන සරල පැහැදිලි කිරීමක් ඔයාලට ගන්න පුලුවන් වෙයි.


සමාජ මාධ්‍යවල ගොඩක් අය කියන දෙයක් තමා MP Count එක වැඩි උනාම ඡායාරූපයේ Quality එක වැඩි වෙනවා කියන එක. හැබැයි ඇත්තටම MP ගාන වැඩි උනාම Photo එකෙ Quality එක වැඩි වෙනවද?

ඒ ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලලා ඉමු Pixel සහ Megapixel නැතිනම් MP කියන්නෙ මොකක්ද කියලා.

මොකක්ද මේ Pixels / Megapixels (MP) කියන්නේ?

Pixels

තනි පික්සලයක් (A Pixel) යනු දෘෂ්‍ය තොරතුරු වල කුඩා චතුරස්‍රයක් වන අතර, ඩිජිටල් රූපයක් හෝ වීඩියෝ එකක් රූප අපිට පෙනෙන්නේ හරස් අතට (Across) හා යට අතට (Down) දුවන ලද පික්සල් රාශියකින් සමන්විත තිරයකිනුයි. මෙම Pixel ගාන වැඩි වෙන තරමට අපිට පෙන්වන රූප වල Sharpness එක හා Quality වෙනවා. අපි මේක මනින්නේ PPI වලින්. ඒ කියන්නේ Pixel Per Inch වලින්. එනම් තිරය මත අඟලකට තියෙන Pixel ප්‍රමාණය යි.

ඒ වගේම තිරය මත අපි දකින සියලුම රූප හැදෙන්නෙ Red Green Blue කියන Pixel වලින්, ඔයාලා RGB කියලා හඳුන්වන්නේත් මේකම තමයි.

හැබැයි Photography පැත්තට එද්දි මේ කතාව ටිකක් විතර වෙනස් වෙනවා. Photography වලදි මේ Pixel ගාන වැඩි වුනා කියලම ඔයාගේ පොටෝ එකෙ තියෙන ගුණාත්මකබාවය වැඩි වෙන්නෙ නෑ. ඒ ඇයි කියලා පහළින් ඔයාටම තේරැම් ගන්න පුලුවන්.

Megapixels

Megapixels කියන්නෙ ඔයාගේ කැමරාවේ තියෙන Resolution එක මනින Measurement එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මේ එක Megapixel එකක් කියලා ඔයාලා හඳුන්වන්නේ ඉහත මම සදහන් කල Pixel මිලියනයක් (One Million Pixels - 1,000,000) වලින් සැදුණ එක කණ්ඩයක්. ඕක තවත් සරලව කිව්වොත් M කියන්නෙ Million කියන එකත්, P කියන්නෙ Pixel කියන එකත් ලෙස දක්වන්න පුලුවන්. Million Pixel කියලා කියන එක දිග වැඩි නිසා තමා අපි ඒක කෙටි කරලා MP නොහොත් Megapixel කියලා කියන්නේ. ඒ කියන්නේ Pixel මිලියනයක් නම් - 1MP, මිලියන දහයක් නම් - 10MP සහ මිලියන 40ක් නම් - 40MP. දැන් ඔයාලට දළ අදහසක් ඇති MP සැදුණ ආකාරය.

එතකොට 16 Megapixel වලින් පොටෝ එකක් Capture කරනව නම් ඔයාලා ලබා ගන්නෙ 15.9 Million Pixels වලින් සමන්විත RGB සහිත Pixel වලින් සෑදුන ඡායාරූපයක්. මෙකේ Image Resolution එක සැදුණ විදිහ ගැන කතා කලොත් 5312x2988 ලෙස අපිට දක්වන්න පුළුවන්.

හැබැයි දැන් Resolution එකයි Megapixel Count එකය් පටල ගන්න එපා. මොකද Resolution කියන්නෙ සම්පූර්ණ Image එකක් තුල තිබෙන Pixel ප්‍රමාණය Count කිරීම සඳහා භාවිත කරනා Measures එකක්. නමුත් Pixel කියන්නෙ Sub-Pixels මිලියනයක් එකතු වෙලා හැදෙන තනි Pixel Count කිරීම සඳහා භාවිත කරන Measure එකක්.

උදාහරණයක් විදිහට 1080p කියන Resolution එක සැලකුවහොත් 1080p Resolution එක සතුව තියෙන්නේ Megapixels 2.1 ප්‍රමාණයක්. එනම් 1080p කියන Resolution එක සතුව තියෙන Pixel අගය සැලකුවොත් එන්නේ 1920 X 1080 ලෙස කියලා ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ 1920 X 1080 = 2,073,600. මෙතනදි එන අගය මිලියන 2.1 පමණ ආසන්නයි කියලා ඔයාලට පේනවා ඇතිනේ. ඔය ආකාරයට තමා Resolution එකට සමානව එන Megapixel අගය සැදෙන්නේ.

දැන් ඔයාලට සමහර විට ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති MP ගාන වැඩි උනාම අපි Capture කරන ඡායාරූපයේ Quality එක වැඩි වෙනවද කියලා. නැහැ, MP ගාන වැඩි වුනා කියලා Photo එකේ Quality එක වැඩි වෙන්නෙ නෑ. ඒ කියන්නේ MP කියන්නේ Photo එකේ Quality එක වැඩි කරන්න බලපාන එක සාධකයක් පමණයි.

MP ගාන වැඩි වුනා කියලා Photo එකේ Quality එක වැඩි වෙන්නෙ නෑ. MP කියන්නේ Photo එකේ Resolution එක මනින Measurement එක කියලා කියලා දැන් ඔයා දන්නවනේ. දැකලා ඇතිනේ 24 - 30 MP වගේ තියෙන SLR, DSLR සහ MIRRORLESS වල එහෙම හොද Bokeh එකත් එක්ක හොද Sharpness එකකින් Details ඇතුව Quality එකට Photos ගන්න පුලුවන් බව. ඒක වෙන්නේ කැමරාවල MP ගාන අඩු වුනාට Sensor එක විශාල විමයි. එතකොට එක Pixel එකකට Sensor එක මත වෙන්වෙන ඉඩ වැඩියි. ඒ කියන්නේ එක Pixel එකක් මතට වැටෙන ආලෝකය ගොඩක් වැඩියි. හැබැයි මේක අපි Smart Phone එකක් එක්ක Compare කරොත් Smart Phoneවල තියෙන්නෙ කුඩා ප්‍රමාණයේ Sensor එකක්. එතකොට කුඩා Senor එකක් ඇතුලේ වැඩි MP ගානක් අඩංගු කරද්දි එක Pixel එකකට වෙන්වෙන ඉඩ අඩු වෙනවා. ඒ කියන්නෙ එක Pixel එකකට ලැබෙන ආලෝකයත් අඩුයි කියන එකයි. දැන් ඔයාලට පැහැදිලි ඇති MP අඩු ගානක් තියෙන DSLR කැමරා, MP වැඩි ගානක් තියෙන Smart Phone වලට වඩා හොඳට Preform කරන්නේ කියලා. අනික මේකට Image Processer එක වගේම ඔයා භාවිතා කරන Lens එකත් බලපානවා.

ISO කියන්නේ මොකක්ද?

Source: google.com

ISO ගැන කතා කරන්න කලින් ඔයාල දැන ගන්න අවශ්‍ය දෙයක් ලෙස Shutter එක සහ Aperture එක දක්වන්න පුලුවන්. මේ දෙකෙන් තමා Mechanical ලෙස කැමරාව තුලට එන භාහිර ආලෝකය කොච්චර ප්‍රමාණයක් කැමරාව තුලට ලබා ගන්නවද කියන එක Control කරන්නේ. එතකොට ISO කියලා අපි හඳුන්වන්නේ මේ එන ආලෝකය Gather කරන, එහෙමත් නැතිනම් මේ ආලෝකය එකතු කර ගැනිමේ Speed එකටයි. මේක Exposure එක Control කරන තවත් Mechanism එකක් කියලා කිව්වත් ගැටලුවක් නෑ.

මේක තේරුම් ගන්න මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. ඔයාලා පරණ ඡායාරූප කිහිපයක් එකතු කරන් අරන් බැලුවොත් ඔයාලට පේනවා එයාලා ඉන්න Poses ගොඩක් වෙලාවට තමුන්ට ඉන්න පුළුවන් ලේසිම හා පහසුම විදිහටයි ඉන්නෙ කියලා. මේකට හේතුව වෙලා තියෙන්නෙත් මේ කියන ISO එකයි. අපි දැන් පාවිච්චි කරන Digital Sensor එක එන්න කලින් තිබුන Film Roll දාන කැමරාවල තිබුනේ Fix ISO Level එකක්.

ඒකට හේතුව වුනේ මේ Film Roll එකේ Light Sensitivity එක ගොඩක් අඩු නිසා Sutter එක ගොඩක් වෙලා විවෘතව තියාගෙන ඉන්න වෙන එකයි Photo එක Capture කරගන්න. හැබැයි Light Sensitivity එක වැඩි Digital Sensor එක එළිදැක්වුවට පස්සෙ අපිට කැමති පරිදි ISO එක අඩු වැඩි කරගෙන Shutter Speed එක අඩු වැඩි කරගැනීමේ හැකියාව අපිට ලැබුණා.

ඔය කතාව තවත් සරලව කිව්වොත් මෙ ISO එකෙන් කරන්නේ Light Sensitivity එක Amplify කරගන්න එකයි. එනම් ISO එක වැඩි කරොත් Sensor එක එයා ආලෝකයට දක්වන සංවේදිතාවය වැඩි කර ගන්නවා. ISO එක අඩු කරොත් Sensor එක ආලෝකයට දක්වන සංවේදිතාවය අඩු කර ගන්නවා. ඒ වගේම Low Light Condition එකකදි Photos ගන්න මේ ISO අගය අඩු කරද්දි Shutter Speed එකත් ඒත් සමගම වැඩි වෙනවා. මේ Sutter Speed එක ගැන අපි පසුවට කතා කරමු. මොකද මේ ISO පාලනය කිරිමේදි ඔයා සැලිකිලිමත් විය යුතු තවත් ප්‍රධාන දෙයක් තියෙනවා.

අපි Low Light Condition එකකදි Photo එකක් ගද්දි ISO වැඩි කරපු පමණින් අපිට හොඳ Clear Photo එකක් ගන්න බෑ. මොකද මේ ISO අගය වැඩි කරන්න වැඩි කරන්න ඔයා Capture කරන Photo එකෙ Noise ගතිය වැඩි වෙනවා. Astro Photography කරන අය නම් මේ අත්දැකීමට හොඳට මුහුන දීලා ඇති. Noise අඩු කරගැනීම සඳහා නිශ්චිත ISO අගයක් නම් මම දන්න තරමින් නෑ.

මොකද මේක කැමරාවෙන් කැමරාවට වෙනස් වෙනවා. සමහර වෙලාවට ඔයාගේ කැමරාවේ ISO 1800දි Noise ආවට සමහර කැමරාවල ISO 3000 වඩා අවස්ථාවලදී ISO වැඩිකම මත Noise එන්න පුළුවන්. මේක ඉතින් තීරණය වෙන්නේම ඔයාගේ කැමරාවේ ISO Performance එක මතයි. අවස්තාවට උචිත පරිදි ISO Level එක අඩු වැඩි කරගෙන Noise නැතුව ඡායාරූප ගන්න එක User සතු වැඩක්.

මොකක්ද මේ Shutter Speed එක කියන්නේ?

Source: google.com

Shutter Speed එකට එන්න කලින් අපි බලමු මොකක්ද මේ ශටර් එක කියන්නෙ කියලා. ඉහත මම කිව්වා මතකනේ ඔයාගේ කැමරා Sensor එක තුලට එන ආලෝකය පාලනය කරන්න පුළුවන් Mechanism දෙකක් තියෙනවා කියලා. එකේදි මම Aperture එකට අමතරව කියපු දෙයක් තමා Shutter එක.

මේ Shutter එක කියන්නෙ ඔයාගේ කැමරා එකේ Sensor එක ඉදිරියෙන් තියෙන දොරක් වගේ එකක්. මේ Shutter එකෙන් තමා තීරණය කරන්නේ ඔයාගේ Sensor එක කොච්චර වෙලාවක් Light එකට Exposure වෙන්න ඉඩ හරිනවද කියන එක. ඔයා වැඩි වේලාවක් මේ Shutter එක Open කරලා තිබ්බොත් Image Sensor එකට Light එකට Exposure වෙන කාලය වැඩි වෙනවා. අඩු වේලාවක් Shutter එක Open කරලා තිබ්බොත් අඩු වේලාවක් තමා ඔයාගේ Image Sensor එක Light එකට Exposure වෙන්නෙ.

ඔයා Astro Photography කරන කෙනෙක් නම්, Long Exposure Photography කරන කෙනෙක් නම් හෝ Light Painting කරන කෙනෙක් නම් ඔයාලා නිතරම මේ  Shutter Speed එක අඩු කරලා Photos Capture කරන්නෙ කියලා දන්නවනේ. මේ වගෙ වැඩ වලදි අනිවාර්යයෙන්ම ඔයාගේ කැමරාවේ Image Sensor එක වැඩි වේලාවක් Light එකට Exposure කරලා තියන්න ඕන.

මේ ක්‍රමයේ වාසි වගේම, අවාසිත් තියෙනවා. ඒ තමා මේ විදිහට Shutter Speed එක අඩු කරලා ඡායාරූප ගන්නව නම් ඔයාට Hand Held විදිහට ඡායාරූප ගන්න අමාරැයි. මොකද මේ වගෙ අවස්තාවකදි සිදුවෙන පොඩි Camera Shake එකකදි පවා Motion Blur එකක් සිදුවෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ නිසා අපිට මේ ක්‍රමය භාවිත කරලා ඡායාරූප ගන්නව නම් අනිවාර්යයෙන්ම කැමරාව Stable Platform එකක් මත තැබීම හෝ Tripod එකක් භාවිත කිරීමට සිදුවනවා.

හැබැයි ඔයා Shutter Speed එක අඩු කරලා ඡායාරූප ගන්නව නම් ඔයාට වේගයෙන් චලනය වෙන වස්තුවක උනත් Freeze Action විදිහට ඡායාරූප ගන්න පුළුවන්. ඒ වගේම ඔයා Sport Event එකක් Cover කරනව නම් හෝ Wildlife වගේ අපිට කිසි ලෙසකවත් කීකරු නැති, එම මොහොතේ මොන වගෙ ඇක්ශන් එකකින් හිටියිද කියලා අපිට හිතාගන්න  බැරි සතෙක්ගේ ඡායාරූප ගද්දි වගේ අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මේ ක්‍රමය භාවිතා කිරීමේදි Handheld විදිහට උනත් කිසිම අපහසුවකින් තොරව ඡායාරූපයක් ලබා ගන්න පුළුවන්. නමුත් Light Condition ගොඩක් අඩු Environment එකකදි මේ ක්‍රමය භාවිතා කරලා ඔයාට පැහැදිලි Details සහිත ඡායාරූපයක් ලබා ගැනීම මදක් අමාරුයි.

මේ Shutter Speed එක එහි Range එක අනුව අපිට ප්‍රධාන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්.

  • Fast Shutter Speed
  • Moderate Shutter Speed
  • Slow Shutter Speed
  • Very Slow Shutter Speed

ISO එක, Sutter Speed එක වගේ දේවල්වලින් පස්සේ අපිට කැමරාවක් ගත්තාම එකේ කතා කරන්න තියෙන තවත් ප්‍රධානම මාතෘකාවක් ලෙස Aperture එක හදුන්වා දෙන්න පුලුවන්.

මොකක්ද මේ Aperture එක කියන්නෙ?

Aperture එක කියන්නෙ කැමරා Lens එක මැද තිබෙන (මෙය කැමරාව මත නොව පිහිටන්නේ) හැකිලිය හැකි Blades වලටයි. මේවා අවශය ලෙස Open කිරිමෙන් හා Close කිරිමෙන් Lens එය හරහා කැමරා Sensor එක තුලට එන ආලෝකය විවිද ලෙස අපිට සීමා කරන්න පුළුවන්.

සාමාන්‍යයෙන් කැමරා Lens එකක් තුල අපිට මේ Aperture Blade 7 - 9 අතර ගානක් හෝ ඊට වඩා වැඩි ගානක් බලාගන්න පුළුවන්. Adjustable Aperture එකක් Mobile Phones වල අඩංගු වෙන අතරම Huawei Mate 50 Pro සහ P 60 Pro වගේ Smart Phoneවල Blade 6කින් සමන්විත Aperture එකක් බලාගන්න පුලුවන්.

මෙ Aperture එකෙහි අගය මැනීම සඳහා අපිට මිනුමක් තියෙනවා. ඒ සඳහා අපි භාවිතා කරන්නේ F Stops කියන මිනුම. මේ කියපු F Number එකෙහි අගය ලොකු වෙන්න ලොකුවෙන්න Aperture එක Close වෙලා Camera Sensor එකට දෙන ආලොකය අඩු කරනවා. ඒ කියන්නේ F අගය F22 ලෙස සැලකුවහොත් Aperture එක ඇරෙන ප්‍රමාණය ඉතාමත් කුඩා වෙනවා. F අගය F4 ලෙස සැලකුවහොත් Aperture එක ඇරෙන ප්‍රමාණය ඉතාමත් වැඩියි.

අපිට Lens එක අතට අරන් බැලුවොත් බලා ගන්න පුළුවන් F/1.4 , F/2 , F/2.8 , F/5.6 , F/8 , F/11 , F/16 යනුවෙන් Aperture Level සඳහන් කරලා තියෙනවා. ඔයාලට මතක ඇති මම ඉහතදි සදහන් කරා මේ F අගය අපි Stops වලින් මනිනවා කියලා. මේක Stops ගාන මනින විදිහ ඔයාලා දන්නවද ?

අපි සාමාන්‍ය කැමරා Lens එක අරගෙන බැලුවොත් එහි සඳහන් කරලා තියෙනවා ඒ Lens එකේ අවම F අගය සහ උපරිම F අගය කොච්චරද කියලා. මේ F අගය, අගයන්වලින් අපි ගත්තොත් F/1.4 ඉඳන් F/2.0 කියන්නෙ එක Stop එකක්, F/2.4 ඉඳන් F/4.0 කියන්නෙ තව Stops එකක්. Lens එක අතට අරන් බැලුවොත් ඔයාට බලාගන්න පුළුවන් Highlight කරලම මේ අගයන් ඔයාගෙ Lens එක මත සඳහන් කරලා තියෙනවා. හැබැයි මීට අමතරවත් ඔයාට බලාගන්න පුළුවන් තවත් අගයන් මේ Lens එකෙහි සඳහන් කරලා තියෙනවා. මේවට කියන්නෙ අපි 3rd Stops කියලා. මේකෙන් කරන්නෙ ඔයාට Aperture එක Control කරන්න පුළුවන් Range එක තව වැඩි කරලා දෙන එකයි.

මේ Aperture එකත් එක්කම බැඳිච්ච Photography වලදි අපිට නැතුවම බැරි තවත් ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමා Depth of Field එක.

මොකක්ද මේ DOF එහෙමත් නැතිනම් Depth of Field කියන්නේ?

Source: google.com

Depth Of Field කියන්නේ ඔයා Capture කරන ඡායාරූපයේ කොපමණ දේවල් ප්‍රමාණයක් Focus වෙලා තියෙනවද කියන එකයි. මේකට උදාහරණයක් විදිහට අපි ගමු ගසක් යට ඉඳන් ඉන්න ගැහැනු ලමයෙක්ව. එතකොට මේ කැමරාවට අහුවෙන පරාසය ඇතුලේ, එහෙමත් නැති නම් Frame එක ඇතුලේ ලොකු ගසක් සහ ගැහැනු ලමයෙක් ඉන්නවා. හැබැයි ඔයාට මේ ගැහැනු ලමයගේ ඡායාරූපයක් Capture කරගන්න ඕනේ මේ ගැහැනු ලමයව විතරක් Focus වෙන විදිහට. මෙන්න මෙතනදි තමා අපිට මේ Depth Of Field කියන එක උදව්වට එන්නේ.

ඔයාට මේ Frame එක ඇතුලේ ගැහැනු ලමයව විතරක් Focus කරලා Background එක Defocus කරලා ඡායාරූපය ගද්දි, එහෙමත් නැතිනම් Subject එක Background එකෙන් Stand Out කරලා ඡායාරූපයක්  ගද්දි මේ Depth Of Field එකට අමතරව ඔයාගේ උදව්වට එනවා Aperture Value එක කියන එක. දැන් කවුරුහරි කෙනෙක් හිතන්න පුළුවන් Depth Of Field එක තනිකරම හැදෙන්නේ Aperture Value එක මත කියලා. හැබැයි ඇත්තටම මේ DOF එක හදාගන්න Aperture එකට අමතරව Lens එකෙ Size එක, Camera Sensor එකෙ Size එක, Subject එකෙ ඉඳන් කැමරාවට ඇති දුර සහ Background එකෙ තියෙන දේවල් වල Size එක බලපානවා.

සමහර වෙලාවට අපිට ඕන වෙනවා Shallow Depth එකක් හා Large Deep Depth එකක් එක්ක ඡායාරූපයක් Capture කරන්න. උදාහරණයක් විදිහට Landscape එකක් ගත්තොත් එකෙ Frame එකෙ තියෙන සියලුම දේවල් අනිවාර්යයෙන් Focus විය යුතු වෙනවා. මෙතන මැජික් එක පටන් ගන්නෙ අර මම කලින් කිව්වා වගේ F Value එක මත. මේ කතාව තේරුම් ගන්න මම පහලින් සරල උදාහරණ ටිකක් දෙන්නම්.

ඔයා සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදි අහසේ තියෙන Milky Way එක Star Trail එකක් වගේ Capture කරනව නම් ඔයාට යොදා කරන්න වෙන්නේ F/1.4 වගේ Aperture එක උපරිම විවෘත වෙච්චි අගයක්. මොකද මෙතනදි බාහිර පරිසරයේදි තියෙන ආලෝකය ඉතාමත් අඩු නිසා ඔයාගේ Sensor එකට ආලෝකය වැටෙන්න සලස්වන්න ඕන කාලය වැඩියි.

ඔයාට මනුස්සයෙක්ගේ Portrait Photo එකක් ගන්න ඕනේ වෙනවා. මෙතනදි වටේ තියෙන Background එක De Focus කරලා ඕන කරන Subject එක විතරයි Focus කරාගන්න ඕනෙ. මේ වැඩේදි ඔයාට ඕන වෙනවා F/2 වගෙ Aperture Value එකක්.

ඔයාට Wildlife වැඩකදි අත්තක වහලා ඉන්න කුරුල්ලෙක් ඡායාරූපයක් ගන්න ඕන කියලා අපි හිතමු. එතකොට මේ කුරුල්ලා ඉන්න Small Narrow Area එක තමා ඔයාට Frame එක තුල Focus කරගන්න ඕනෙ. ඒක නිසා මේ වැඩේට ඔයාට පාවිච්චි කරන්න වෙනවා F/5.6 වගෙ Aperture Value එකක්.

ඔයාට Landscape එකක් වගේ Deep Depth එකක් තියෙන ඡායාරූපයක් කැප්චර් කරාගන්න ඕන නම් ඔයාට යොදා ගන්න වෙනවා F/16 හෝ ඊට වඩා වැඩි Aperture Value එකක්.

මෙතනදි Aperture Value එක අඩු හෝ වැඩි කරගද්දි කල්පනාකාරී වෙන්ක ඕන තව ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි මේ Aperture Value එක වැඩි කරන්න වැඩි කරන්න Sensor එකට ලැබෙන ආලෝකය අඩු වෙනවා. ඒ වගේම Aperture Value එක අඩු කරද්දී Sensor එකට එන ආලෝකය වැඩි වෙනවා. මේක සමබර කර ගන්න නම් අපිට ISO එක Adjust කරන්න වෙනවා. මේකට නිශ්චිතයි කියලා තියෙන ISO අගයක් නම් නැ, ඒක අදාල තැනට පරිදි ඔබ විසින්ම සාදා ගත යුතු වෙනවා.

මොකක්ද මේ Exposure එක කියන්නේ?

Photo එකක් Capture කරනවා කියපුවාම ඔයාලා දන්නවා අපි යම් කිසි ආලෝකයක් (Light) තමා Capture කරන්නේ කියලා. මේක තව ටිකක් විස්තර ඇතුව කිව්වොත්, සුර්යාගේ ඉඳලා එන ආලෝක කදම්බ අප අවට වටපිටාවේ තියෙන වස්තුන්ගේ වැදිලා එම වස්තුන් මගින් පරාවර්තනය වන ආලෝක කදම්බ තමා අපි Capture කරන්නේ. හරියට මිනිස් ඇහැකට රූප පේනවා වගේමයි.

මේ ඡායාරූපය අපි Capture කරද්දි අපිට ආලෝකයෙන් (Light) තමා ඡායාරූපයට අවශය කරන Texture එක දෙන්නෙ. ආලෝකය එක සහා Shadow වලින් තමා Depth එක දෙන්නේ. සරලවම කිව්වොත් අපි දකින අපි Capture කරන හැම දෙයක්ම යම් කිසි ආලෝකයක්.

හැබැයි අපි ඡායාරූපයක් Capture කරද්දි මේ ආලෝකය අපේ කැමරාව ඇතුලට වැඩියෙන් හෝ අඩුවෙන් ලැබුණොත් ඒකත් ගැටලුවක්. මෙන්න මේ ගැටලුව විසදා ගන්න තමා අපිට Exposure එක උදව්වට එන්නේ. ඒ කියන්නේ Exposure එකෙන් වෙන්නේ කැමරාවේ Sensor එක තුලට එන ආලෝකයේ ප්‍රභල බව Control කරන එකයි.

මේ කියපු Light එක වැඩියෙන් ඇවිත් ගන්න ලද Photo එකකට අපි කියනවා Over Exposure වෙච්ච Photo එකක් කියලා. Light අඩුවෙන් ඇවිත් Capture කරපු Photo එකකට අපි කියනවා Under Exposure වෙච්ච Photo එකක් කියලා. ඔය කියපු දෙක අතර මැද තියෙන Light එක හරි ගානට බැලන්ස් කරලා අපි ගත්ත Photo එකකට අපි කියනවා Correct Exposure Photo එකක් කියලා.

එතකොට අපි කොහොමද මේ Exposure එක හරි විදිහට බැලන්ස් කරගන්නේ ? ඒකට තමා අර අපි උඩදි කතා කරපු Shutter එක සහ Aperture එක උපකාරි වෙන්නේ. මතකනේ එතනදී අපි සාකච්ඡා කළා Sutter එකේ තියෙන Blades ඇරෙනවා වැහෙනවා කියලා. මේ Blades අඩුවෙන් ඇරුනොත් අඩු ආලෝකයකුත් වැඩියෙන් ඇරුනොත් වැඩි ආලෝකයකුත් තමා ඇතුලට එන්නේ. ඒ වගේමයිි Shutter එකත්. Sutter එක හීමිට වැහුනොත් වැඩි ආලෝකයක් Sensor එක මතට පතිත වෙනවා. Shutter එක ඉතා ඉක්මනින් වැහුනොත් අඩු ආලෝකයක් තමා Sensor එක මත පතිත වෙන්නේ.


මම හිතනවා මේ ලිපිය ඔස්සේ Photography ගැන Basic මට්ටමෙ දැනුමක් ඔයාලට ලබා ගන්න පුලුවන් වෙන්න ඇති කියලා. මේ ලිපියට ඔයාලා දක්වන ප්‍රතිචාර මත ඉදිරියේදි Rule Of 3rd, Elements in Photography සහ Focusing Modes වගේ දේවල් ගැනත් මම කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ ලිපිය ගැන ඔයාගේ අදහසත් අපිට කියන්න.

සුබ දවසක්!

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka