පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල පරිශිලක දත්ත විකුණු Avast සමාගමට ඩොලර් මිලියන 16.5ක දඩ

ලෝක ප්‍රසිද්ධ cybersecurity software company එකක් වන Avast සමාගමට පසුගිය දිනක ඩොලර් මිලියන 16.5ක පමණ දඩයක් පැනවීමට Federal Trade Commission (FTC) එක කටයුතු කරනු ලැබුවා.

පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල පරිශිලක දත්ත විකුණු Avast සමාගමට ඩොලර් මිලියන 16.5ක දඩ

ලෝක ප්‍රසිද්ධ cybersecurity software company එකක් වන Avast සමාගමට පසුගිය දිනක ඩොලර් මිලියන 16.5ක පමණ දඩයක් පැනවීමට Federal Trade Commission (FTC) කටයුතු කරනු ලැබුවා. ඒ ඔවුන් විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ කිසිදු අවසරයකින් තොරව පාරිභෝගික දත්ත ගබඩා කර තබා ගැනීම සහ විකිණිම නිසයි. ඒ වගේම ඔවුන් විසින් Avast සමාගමට ප්‍රවර්ධන කටයුතු සඳහා පාරිභෝගික දත්ත යොදා ගැනීමත් තහනම් කර තිබෙනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව Avast සමාගම විසින් 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වු වසර 06ක පමණ ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ අන්තර්ජාල පරිහරණයේ පිළිබඳව තොරතුරු මෙලෙස ඔවුන්ගේ Avast antivirus software එක සහ browser extension ඔස්සේ ලබා ගෙන තිබෙනවා. මේ ඔස්සේ ඔවුන් පාරිභෝගිකයින්ගේ ආගමික විශ්වාස, සෞඛ්‍ය අවශ්‍යතා, දේශපාලන මතය, ස්‍ථානය සහ ආර්ථික තත්වය ආදි තොරතුරු ලබා ගෙන තිබෙන අතර මේ තොරතුරු සියල්ල ගබඩා කර තබා ගෙන, ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ නිසි අවසරයකින් තොරව තෙවන පාර්ශවිය අයවලුන් 100ට අදික ප්‍රමාණයක් සඳහා අලෙවි කර තිබෙනවා.

මෙය පළමු වරට 2020 වසරේදී Motherboard සහ PCMag විසින් අනාවරණය කර ගත් අතර ඒත් සමඟම Avast සමාගම විසින් මෙලෙස දත්ත එකත් කර ගැනීම නවතා දමා තිබෙනවා. මෙහිදි Avast සමාගම විසින් ප්‍රකාශ කරන ලද්දේ දත්ත අලෙවි කිරීමට පෙර ඔවුන් විසින් පාරිභොගිකයා හඳුනා ගැනිමට ඉවහල් වන දත්ත සියල්ල ඉවත් කළ බවයි. කෙසේ වෙතත් පරික්ෂණ සමඟ හෙළි වුයේ ඔවුන් විසින් නිසි පරිදි එම දත්තයන් ඉවත් කිරීමෙන් තොරව අලෙවි කිරීම සිදු කර ඇති බවයි. එනම් එහිදි ඔවුන් විසින් පරිශිලනය කළ වෙබ් අඩවියන්, එම වෙබ් අඩවි පරිශිලනය කළ වේලාවන්, භාවිත කළ උපාංග වර්ගය සහ ස්‍්‍්ථානය ආදි තොරතුරුයි.

Avast සමාගම විසින් තම ඔවුන්ගේ software භාවිත කිරීම තුළින් තෙවන පාර්ශවයක් සඳහා දත්ත ලබා ගැනීමේ හැකියාව අහිමි කරන බවට පාරිභෝගිකයින්ට ප්‍රකාශ කර ද අවසානයේ ඔවුන් විසින්ම එය සිදු කර තිබෙනවා.

මෙම දඩ මුදලට අමතරව මෙලෙස දත්ත එකතු කිරීම සහ අලෙවි කිරීම තහනම් තර ඇති අතර, පෙර එකතු කර ගත් දත්ත සියල්ල මකා දැමීමට නියෝග කර තිබෙනවා. එමෙන්ම ඔවුන් විසින් මෙලෙස වසර 06ක පමණ කාලයක් සිදු කරනු ලැබු දත්ත අලෙවි කිරීම සඳහා මුහුණ දුන් පාරිභෝගිකයින්ට ඒ බව දැනුම් දීමට කටයුතු කරන ලෙසත් වැඩි දුරටත් නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස Federal Trade Commission (FTC) විසින් ලබා දුන් තින්දුව සමඟ තම සමාගම එකඟ නොවන බවත්, ඔවුන්ගේ අරමුණ පාරිභෝගිකයින්ගේ ඩිජිටල් දත්ත ආරක්ෂා කිරීමත් බව ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශක වන Jess Monney මහතා විසින් සඳහන් කර තිබෙන්නේ. තව දුරටත් ඔහු විසින් දක්වා තිබෙන්නේ මෙම ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට බලාපොරොත්තු වන බවත්, ඔවුන්ගේ මිලියන ගණනක වු පාරිභෝගික පිරිසට තම සේවය නිසි පරිදි අඛණ්ඩව සැපයීමට බලාපොරොත්තු වන බවයි.

Source: Theverge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara