WhatsApp හරහා Instagram වෙත Automatically Stories Update කිරීමේ හැකියාව ලබාදෙයි

WhatsApp හරහා Instagram තුළටද Stories Automatically Share කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

WhatsApp හරහා Instagram වෙත Automatically Stories Update කිරීමේ හැකියාව ලබාදෙයි

මෑතකදී WhatsApp වෙත එක්කරන ලද නව පහසුකම් තුළට WhatsApp Status තුලින්ම Automatically Facebook Stories පළ කිරීමේ හැකියාව ලබා දුන් බව ඔබට මතක ඇති. මෙමඟින් පරිශීලකයන්ට තරමක් පහසුවන නිසා බොහෝ දෙනා අතර පැසසුමට මේ විශේෂාංගය ලක්වුණා.

මේ ලෙසම Instagram තුළටද මෙලෙස Stories Automatically Share කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වනවා,

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Status Privacy Section එක තුලට ගොස් ඒ මඟින් මෙය Setup කර ගත හැකිවනවා. මෙයට ඒ මත Click කිරීමෙන් Automatically ම ඔබගේ Instagram ගිණුම Detect කර එය සමග Connect වීම සිදු වනවා. මේ පහසුකම හරහා වෙනම Facebook, Instagram වෙත Stories Upload නොකර එකවර කිරීම තුළින් පරිශීල්කයන්ගේ කාලය ද ඉතුරුවනවා.

මෙම පහසුකම තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතර නුදුරේදීම සාමාන්‍ය පරිශීලකයන් සඳහා බලාපොරොත්තු විය හැකියි.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna