Google Play Store වෙනුවට Aurora Store පාවිච්චි කරලා බලමු.

Google Play Store වෙනුවට Aurora Store පාවිච්චි කරලා බලමු.

අපි හැමෝම වගේ හිතන් ඉන්නෙ Google Play Store එක නැත්නම් ඒ Android ෆෝන් එකෙන් වැඩක් නෑ කියලා. පහුගිය කාලෙ, Huawei දුරකථන වලට Google සහය නොදක්වන බව ප්‍රකාශ කළාම Huawei දුරකථන භාවිතා කරන අය හැමෝම වගේ බය වුණා. (දන්න විදියට දැන් එහෙම අවුලක් නෑ) ඇත්තටම Google Play Store එක නැත්නම් අපේ ෆෝන් එකෙන් වැඩක් නැද්ද? එහෙම නෑ, Google Play Store වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් App Stores තව ඕන තරම් තියෙනවා. ඒත් මම මේ කියන්න යන Aurora Store එක ඒ ඔක්කොටම වඩා වෙනස්. මේ පෝස්ට් එකෙන් මම පැහැදිලි කරලා දෙන්නම් ඒ ඇයි කියලා.

මේ ඇප් එක ගොඩක් වැදගත් වෙයි 1GB වගේ RAM එකක් එක්ක, ටිකක් පරණ Android දුරකථනයක් භාවිතා කරන අයට. මොකද, Google Play Store එක සමඟම එන Google Play Services ඇප් එක ඔයාගෙ ෆෝන් එකේ රැම් එකෙන් වැඩි කොටසක් විනාශ කරලා දාන නිසා. Root කිරීමෙන් හරි මොකක් හරි ක්‍රමයකින් Play Store එක සහ Play Services අයින් කරගන්න පුළුවන් අයට මේක බොහොම වටින ඇප් එකක් වේවි. ඒ දෙකම ඉවත් කරලා ඔයාට පුළුවන් ඉතා කුඩා මතක ධාරිතාවක් භාවිතා කරන මේ Aurora Store එකට මාරු වෙන්න. ඊට පස්සෙ, ඔයාගෙ ෆෝන් එකේ RAM මතකයෙන් ලොකු ප්‍රමාණයක් නිදහස් වෙන නිසා, ඔයාට පුළුවන් ඔයාගෙ ෆෝන් එක වඩා වේගවත්ව භාවිතා කරන්න.

Aurora Store කියන්නෙ ටිකක් විශේෂ App Store එකක්. ඒකෙන් කරන්නෙ Google Play API එකම භාවිතා කරලා Play Store එකේ Apps ලබාගෙන ඒවා අපිට Download කරගන්න ඉඩ සලස්වන එක. අපිට පුළුවන් Google Play Store එකේ වගේම මේකට අපේ Google (Gmail) ගිණුම පවා ඇතුළත් කරන්න. Google Play Store එකෙන් කෙළින්ම ඇප්ස් ලබාගන්න නිසා, ආරක්ෂාව ගැන බියක් ඇති කරගන්න අවශ්ය නෑ, ඒ වගේම Play Store එක හා සමගාමීවම Updates ලබාගන්න පුළුවන්.

වැඩි විස්තර වගේම ඇප් එක ලබාගන්න මෙන්න මේ ලිංක් එකෙන්  (https://auroraoss.com) පුළුවන්. ඒ වගේම, මේ ප්‍රොජෙක්ට් එකට අදාළ Telegram Group එකෙන් ඔයාට උපකාර වගේම අලුත් සංස්කරණයක් නිකුත් වුණ සැනින් ඒවා ලබාගන්නත් පුළුවන්. ඒ Telegram Group එකට Join වෙන්න ඕන කරන උපදෙස් ටිකත් අදාළ සයිට් එකේම තියෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara