ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිටම " කෘත්‍රී​ම බුද්ධිය" විෂය පාසල් විෂය මාලාවට

ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිටම " කෘත්‍රී​ම බුද්ධිය" විෂය පාසල් විෂය මාලාවට

රාජ්‍ය සේවකයින්ට තොරතුරු තාක්ෂණ විෂය පිළීබඳව දැනුම ලබා දෙන Next Gen ව්‍යාපෘතිය ගැන අප මීට පෙර වාර්තා කළා ඔබට මතක ඇති.

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර (අනිවාර්යය) විෂයක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විෂය පත් කර ඇති අතර එමඟින් තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාවක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති නිසා ඊට විසඳුමක් වනු ඇත.

පෙර 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවති කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence - AI) විෂය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට සිසුන්ට හඳුන්වා දෙනු ලබනවා.

තවද මෙවැනි පරිවර්තනීය වෙනස්වීම් වලින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි වනවා.

සුළු සුළු සංශෝධන සහිත ව තවමත් පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම වන අතර මේ ක්‍රමය වෙනස් කරමින් නව ලෝකයට උචිත ලෙස හැඩගැසීම මෙහි මූලික අරමුණයි.

Source: Department of Government Information - Sri Lanka

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara