Android පරිශීලකයන් අවසරයෙන් තොරව location track කිරීම හේතුවෙන් Google වෙත ඇරිසෝනා අධිකරණයෙන් නඩු පවරයි

Android පරිශීලකයන් අවසරයෙන් තොරව location track කිරීම හේතුවෙන් Google වෙත ඇරිසෝනා අධිකරණයෙන් නඩු පවරයි

Google සමාගම විසින් Android යූසර්ස්ලාගේ ලොකේෂන් එක අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස ට්‍රැක් කර ඇති බවට චෝදනා කරමින් ඇරිසෝනා ප්‍රාන්තයේ නීතිපති Mark Brnovich Google සමාගමට එරෙහිව නඩු පවරලා තියෙනවා.

යූසර් විසින් Manually Location Disable කරාට පස්සෙත් Weather App එක, Search Engine එක සහ Google Chrome Browser වැනි දේවල් භාවිත කරමින් Web Searchers සඳහා යූසර් නොදැනුවත්වම Background එකේ Location Data භාවිතා කරා කියලා තමයි Google සමාගමට චෝදනා කරන්නේ. Android System එකේ Settings ඇතුලට ගිහින් මේ Location Services ඩිසේබල් කරාම පස්සෙ විතරක් Google සමාගම යූසර්ගේ Location Data ලබාගන්න එක නවත්තලා තියෙන්නේ.

Android යූසර්ස්ලගේ Location එක සොයා ගැනීම සම්බන්ධයෙන් Google සමාගමට මීට පෙරද මෙවැනිම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. යූසර්ස්ලාගේ Location Data Automatically Delete කර දැමීම පහසු කිරීම සහ යූසර්ගේ Permission නැතුව ඒ විදිය වැඩ කරන Third Party Applications වලක්වා ගැනීම වැනි විවිධ පියවරයන් සමඟ මේ Google සමාගම වසර ගණනාවක් තිස්සේ යූසර්ස්ලාගේ Privacy Concerns වලට ප්‍රතිචාර දක්වලා තියෙනවා. නමුත් තමන්ගේ Privacy Protection එක වැඩිකරගැනීම සඳහා සහ තමන්ගේ Location Data ඕනෑවට වඩා  Track නොකරන බවට සහතික කරගැනීමට විවිධ Settings තිබුණත් ඒවා සාමාන්‍ය යූසර් කෙනෙක්ට සංකීර්ණ වැඩි නිසා බොහෝ විට Google එක Android යූසර්ස්ලා ගැන කොච්චර දැන ඉන්නවද යන්න පිළිබඳව හරියටම පවසන්න බැරිලු.

ඇරිසෝනා නීතිපති Mark Brnovich පවසන ආකාරයට ඇරිසෝනා වල වංචා විරෝධී නීති Google ආයතනය විසින් කඩ කර නිසා සඳහා ඩොලර් 10,000 ක දඩයකට යටත් කළ හැකි බව පවසනවා.

හැබැයි මේ සම්බන්දයෙන් Google සමාගම කියන්නේ ඇරිසෝනා නීතිපති සහ මෙම නඩුව ගොනු කරපු අනෙක් නීතිඥවරුන් Googleලාගේ Services වැරදියට අර්ථකථනය කර ඇති බවයි. Google සමාගම කියන විදියට එයාලගේ හැම නිෂ්පාදනයකම Privacy Features ඇතුලත් කරලා තියෙන අතර යූසර්ස්ලාගේ Location Data ලබාගැනීම සම්බන්දයෙන් ශක්තිමත් පාලනයක් ලබාදීලා තියෙනවා කියලා තමයි.


Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara